තම කුසින් වැදූ දියණිය අයාලේ යැවූ මවක්

2017-09-14 10:35:00       33
feature-top
උණහපුලූවාට උගේ පැටියා මැණිකක්ලූ. කොච්චර අවලස්සන වුණත් ඌට උගේ පැටියා මැණිකක්. ඒ වගේ තමයි අම්මකුට දරුවෙක් කියන්නෙත් මැණිකක් හැබැයි කුසේ තියාගෙන රැුකල දහදුක් විඳලා හදපු දරුවා මුදලට විකුණන්න තරම් හදවතක් නැති තිරිසන් අම්මලත් මේ සමාජයේ ඉන්නවා. අද විවාහය විලාසිතාවක් වෙලා. දරුවො හැදිල්ල වාණිජකරණය වෙලා. දරුවෙක් වැදුව කියලා හැම ගැහැණියකුටම අම්මෙක් වෙන්න බැහැ. මුදල් තණ්හාවට තමන්ගේ ලෙයින් උපන් දියණිය ගණිකා වෘත්තියේ යොදවන්නෙ මොන හිතකින්ද? අපි අද ජීවත් වෙන්නෙ එවැනි සමාජයක. ඒත් අසාධාරණයට ලක් වෙච්ච මේ දරුවො වෙනුවෙන් කතා කරන්න මේ සමාජයේ කවුරුත් නැහැ. අද සමාජයේ මහා පිළිගැනීමක් තියෙන සමහර උදවිය ගත්තම ළමා අපචාරවලට ලැයිස්තුවෙ මුලින්ම ඉන්නෙ ඒ උදවිය. හැබැයි මේ අසරණ වෙච්ච දරු පැටවුන්ට ආදරේ කරන හදවත් උණුවෙච්ච පිරිසක් මේ සමාජයේ කොතැනක හෝ ඉන්නවා. ළමා නිවාසයක් ඇතුළෙ සිරවෙලා දිවි ගෙවන මේ සමනල් පැටවුන්ගෙ ජීවිත ගැන අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහොමයක් තියෙනවා. ඒ දරුවන්ගේ හෙට දවසේ ඉරණම දෙස බලද්දී ඇතිවන්නේ වචනවලින් ලියා අවසන් කළ නොහැකි හැඟීමක්. නිරාෂා කියන්නෙ පවුලෙ එකම දරුවා. ඇගේ තාත්තා ඇය මෙලොව එළිය දකින අවස්ථාවෙත් හිටියෙ විදේශගත වෙලා. ඉපදිලා අවුරුදු තුනකට පස්සෙ දකින තාත්තව පුංචි නිරාෂා අඳුරන්න නැහැ. තාත්තට කතා කරේ අංකල් කියලා. ඒ ආවත් තාත්තාගේ ආදරේ උණුසුම විඳින්න ඇය වාසනාවන්ත වුණේ මාස තුනයි. නිරාෂාගෙ අම්මයි තාත්තයි අතර එතරම්ම සමගියක් තිබුණෙ නැහැ. ඇගේ පියා නිතරම විදේශගත වෙලා හිටියෙත් ගෙදර අඬ දබර නිසා. නිරාෂාගෙ අම්මා කියන්නෙ කොළඹ පරිසරයේ හැදිච්ච සංකර කාන්තාවක්. නිරාෂාගෙ තාත්තා ඈත පිටිසර ගමක ඉපදුණු කෙනෙක්. ඇගේ අම්මට නිතර තාත්තව පෙණුනෙ වයසින් මුහුකුරා ගිය කෙනෙක් විදිහට. සමහර වෙලාවට ඇගේ අම්මා තාත්තාට බැන්නෙ. මේ මිනිහා එක්ක පාරෙ යන්නත් ලජ්ජයි, කොන්ඩෙත් ඉදිලා. රට ඉඳලා ආවට අඳින්නෙ ගොඬේ විදියට කියලා. මේ වගේ අඬ දබර ඇති වෙන අවස්ථා ඒ ගෙදර සාමාන්‍ය දෙයක්. මේ අඬ දබරත් එක්ක විටින් විට හෝ ලංකාවට ඇවිල්ල ගිය නිරාෂාගෙ තාත්තා ගෙදර ආවෙම නැහැ. ඉපදුණු දවසෙ ඉඳලා අම්මගෙ තුරුළේ හැදුණු නිරාෂාට තාත්තගෙ අඩුව වැඩිය දැනුණෙ නැහැ. නිරාෂාගෙ අම්මට නිතරම ඕන වුණේ බල්ලො මරල හරි සල්ලි. නිරාෂාගෙ තාත්තා එවන හැම සතයක්ම නිරාෂාගෙ අම්මා කාල බීල ජොලි කරලා නැති නාස්ති කරා මිසක පුංචි නිරාෂාට අනාගතයක් හදන්න ඒ අම්මට වුවමනා වුණේ නැහැ. අද මේ අහිංසක නිරාෂාගෙ ඇස්වලින් වැටෙන කඳුළුවලට වන්දි ගෙවන්න ඕන ඇගේ අම්ම.

නිරාෂා ඇගේ කතාව වචනවලට පෙරළුවේ මේ විදියට. "කටේ කිරි සුවඳවත් නොගිය අවුරුදු පහළොවක පුංචි රෝස මල මුලින්ම විකුණන්නෙ අවුරුදු හතළිස් හතරක මිනිසකුට. එදා නිරාෂාගෙ අම්මට දරු දුක කියන දේ දැණුනෙ නැහැ. ඇය විකුණා ලැබුණු තුටු පඬුරින් සෑහීමකට පත් නොවූ අතර ඇගේ මව විශාල ලෙස මුදල් ලබා ගනිමින් දෛනිකව සිය දියණියව මිනිසුන්ට විකුණුවාය. ඇගේ ඉල්ලූමේ සැපයුම වන්නට සිදු වූයේ අහිංසක නිරාෂාටය.නිරාෂාගෙ මව වාහනයේ සිට සැප ගනිද්දි හෝටල් කාමරය ඇතුළෙ මොරදෙන පුංචි නිරාෂා බේරා ගැනීමට කවුරුත් සිටියේ නැත. දරදඬු දෑතට පොඩි වුණ සමනලීගේ තටු සින්දේ ඇගේ මව බලා සිටියදීය." පුංචි කාලෙ ඉඳල අම්මගෙයි තාත්තගෙයි සමගියක් මම දැක්කෙ නැහැ. නිතරම ඒ දෙන්න රණ්ඩුසරුවල් වුණා. අම්මා තාත්තා එක්ක පාරේ එකට යන්න ලජ්ජ වුණා. තාත්ත වයසයි කියලා. නිවාඩුවකට ගෙදර ආවත් අම්ම තාත්තට සැලකුවෙ නැහැ. දුක් විඳලා තාත්තා හම්බ කරන් එන සල්ලිවලට තමයි අම්ම ආදරේ කරේ. මේ දේවල් නිසා තාත්තා ලංකාවට ආවෙම නැහැ. නිවාඩුවකට ගෙදර එන තාත්තා ගෙදර එන්නෙ ගිනි ගොඩකට කකුල තියනවා වගේ. පුංචි කාලෙ ඉඳලා තාත්තා වැඩිය ගෙදර රැඳුනෙ නැති නිසා මට තාත්තගෙ අඩුව දැණුනෙ නැහැ. අම්මා නිතරම ජීවත් වෙන්න උත්සාහ ගත්තෙ සල්ලි එක්ක. අම්මගෙ අනියම් සබඳතා ගොඩාක් තිබුණා. තාත්තා එක්ක රණ්ඩු වෙන්න ප‍්‍රධාන හේතුව අම්මට තිබුණු අනියම් සබඳතා. තාත්ත ලංකාවට ආවේ නැත්තෙ මේ ප‍්‍රශ්න නිසාද කියලත් මට වෙලාවකට හිතුණා. සමහර දවසට හිතවත් ගෙවල්වල මාව නතර කරල උදේට ගෙදරින් යන අම්මා නැවත ගෙදර ආවේ ගොඩක් ? වෙලා. උදේ හවස ගියේ රස්සාවකට යනවා කියලා. මේ දේවල් එක්ක අපි හිටපු ගෙවල් පැත්තෙ අය අම්මට විවිධ කතා කිව්වා. ”මිනිහත් නැතුව කොහේ යනවද දන්නෙ නැහැ කියලා” අම්මගෙ මේ වැරදි නිසා මාව නතර කරල ගිය හිතවත් තැන්වල අය මාව තියාගන්න කැමැති වුණේ නැහැ. මේ නිසා අම්මට මාව ලොකු කරදරයක් වුණා. හිටි හැටියේම අම්මා මට ඉස්කෝලෙ යන්න එපා කිව්වා. එතකොට මට අවුරුදු පහළොවයි. අම්මා කිව්වා දැන් ඔයා ලොකු ළමයෙක්, ඉගෙන ගන්නවට වඩා රස්සාවක් කරන කොට සල්ලි හම්බ වෙනවා. ඕන තරම් ළමයි රස්සාවල් කරනවා. අම්මා කියන දේට කැමති වෙලා වැඩ කරන්න කිව්වා. මට මේ දේවල් ගැන ඒ තරම් දැනුම් තේරුමක් තිබුණෙ නැහැ. මුහුදු සුළඟට වැනෙන පොල් ගස අතරින් එන සුළඟ ඇෙඟ් දැවටෙන කොට පුංචි සිසිලසක් දැනුණා. හෝගාන මුහුද මොහොතකට ගොලූ වෙලා. ඇගේ දෑස්වලින් වැටුණ කඳුළු කැට රෝස කම්මුල් තෙත් කළේ දෑසටත් නොදැනීම.

නිරාෂාගෙ අම්මා ගෙදරින් හොඳට ඇඳ පැළඳගෙන ගියේ හෝටලයක වැඩට. එතනදි ඇයට හමුවන විවිධ පුද්ගලයින් හරහා ඇය වැඩි මුදලක් උපයන්න ගණිකා වෘත්තියට යොමු වෙනවා. ඇගේ මේ කාර්යබහුල ජීවිතයත් එක්ක නිරාෂාගෙ අම්මාට නිරාෂාව මහා බරක් වෙනවා. කාලයක් තිස්සෙ කරපු රැකියාවෙ පළපුරුද්දත් එක්ක ඇය ගණිකා වෘත්තියේ තරුණියන් සැපයුම්කාරිණියක් විදිහට විවිධ පුද්ගලයන් අතරේ ප‍්‍රසිද්ධ වුණා. ඇය හැම තරුණියක් දෙසම බැලූවේ මුදල් ඉපයීමේ වෙළෙඳ භාණ්ඩයක් විදිහට. අවසානයේ තමන්ගේ කුසින් ඉපදුණ දියණිය ගණිකා වෘත්තියේ යොදවන්න තරම් ඇය සාහසික වුණා. කටේ කිරි සුවඳවත් නොගිය අවුරුදු පහළොවක පුංචි රෝස මල මුලින්ම විකුණන්නෙ අවුරුදු හතළිස් හතරක මිනිසකුට. එදා නිරාෂාගෙ අම්මට දරු දුක කියන දේ දැණුනෙ නැහැ. ඇය විකුණා ලැබුණු තුටු පඬුරින් සෑහීමකට පත් නොවූ අතර ඇගේ මව විශාල ලෙස මුදල් ලබා ගනිමින් දෛනිකව සිය දියණියව මිනිසුන්ට විකුණුවා. ඇගේ ඉල්ලූමේ සැපයුම වන්නට සිදු වූයේ අහිංසක නිරාෂාටය. නිරාෂාගෙ මව වාහනයේ සිට සැප ගනිද්දි හෝටල් කාමරය ඇතුළෙ මොරදෙන පුංචි නිරාෂා බේරා ගැනීමට කවුරුත් සිටියේ නැහැ. දරදඬු දෑතට පොඩි වුණ සමනලීගේ තටු සින්දේ ඇගේ මව බලා සිටියදීය. අම්මා කියන වචනෙවත් මතක් කරන්න මම කැමති නැහැ. අම්මා මාව විකුණලා සල්ලි හම්බ කරා. අම්මගෙ රස්සාව වුණේ ඒක. අම්ම මාව විකුණුවෙ බලහත්කාරයෙන්. දවසක් මම මනුස්සයකුට ගහලා කාමරෙන් පැනලා දුවන්න හැදුවා. එතන හිටපු ගෑණු කෙනෙක් මාව අල්ලගෙන මට හොඳටම ගැහුවා. එයා අපේ අම්මගෙ වැඩවලට සම්බන්ධ කෙනෙක්. එදා අම්මා කිව්වා දැන් උඹට මෙතැනින් එළියට ගිහින් රැකියාවක් කරන්න බැහැ. කැමැත්තෙන් මේ රස්සාව කරපන් කියලා. සමාජය ගැන දැනුමක් තේරුමක් නැති මං එතැනින් පැනලා ගියා කියලා කොහේ යන්නද? තමන්ගෙ අම්මා තමන්ට එහෙම දෙයක් කරාවි කියලා නිරාෂා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. තමන්ගෙ අම්මා තමන්ගෙම දරුවට මේ වගේ අපරාධ කරන කොට පිට සමාජය පිළිබඳ විශ්වාසයක් තියන්න පුළුවන්ද? අද තාත්තාට දියණිය පේන්නෙ නැති සමාජයක් වෙලා. අයියට තමන්ගෙ සහෝදරිය පේන්නෙ නැති සමාජයක් වෙලා. මේ තරමටම හෙට ලෝකය දකින්න ඉන්න පුංචි පැටව් තලා පෙලා දාන්න තරම් අද සමාජය තිරිසන් වෙලා. කාටවත් කරදරයක් නැති මල් පොහොට්ටු මේ විදිහට තලා පෙලා දාන්න තරම් මව් පදවිය පිරිහිලා. නිරාෂාව ගණිකා වෘත්තියේ යොදවලා ඇගේ අම්මා සැප වින්දා. ඒ හෝටල් කාමර ඇතුළෙ ඇගේ වේදනාව අහන්න කිසිවෙකු හිටියේ නැහැ. මම හිටපු දවසක හදිසියේම දිපූ ඔත්තුවක් මත හෝටලේ වැටලූව. ඒ වෙලාවෙ මාවත් අහුවුණා. බාල වයස්කාර නිසා මාව හෝටලේ ගොඩක් වෙලා රඳවා ගත්තා. අල්ල ගත්ත අනිත් අය දඩ මත නිදහස් කරා. ඒ සිද්ධිය අවස්ථාවෙ හැමදේම මම ඒ පුද්ගලයින්ට කීවා. අම්ම අත්අඩංගුවට පත් වුණා. ඒත් වැඩක් වුණේ නැහැ. අම්මා දින දෙකකින් නිදහස් වුණා. බාලවයස්කාර නිසා මාව ළමා නිවාසෙට දැම්මා. අවසනාවකට මම එයාගෙ කුසෙන් ඉපදුණාට අම්ම කියන වචනෙවත් එයාට පාවිච්චි කරන්න මම කැමති නැහැ. මාව වැදුවට ඒ උතුම් මව් පදවියට එයා සුදුසු නැහැ. අම්මා ගැන මට තියෙන්නෙ ලොකු කලකිරීමක්. මගේ තාත්තා හම්බ කරපු සල්ලි අම්මාට මදි වුණා. එයා මේ තත්ත්වෙට වැටුණෙ එතනින්. මට ලොකු ප‍්‍රාර්ථනාවල් නැහැ. බලාපොරොත්තුත් නැහැ. උදේ සවස බුදුන් වැඳලා මම ඉල්ලන්නේ එක දෙයයි. තිරිසන් සතෙකු වෙලා ඉපදුණත් ආයෙමත් මනුෂ්‍ය ආත්මයක් නම් ලබන්න එපා කියලා.

බාල වයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම නිසා නිරාෂාගෙ අම්මා සිරභාරයට පත්වුණා. නිරාෂා පුනරුත්ථාපනයට යොමු වුණා. සොයා ගත් තොරතුරු අනුව නිරාෂාගෙ අම්ම යළිත් නිදහස් වෙලා. ඇය මෙසේ නිදහස් වීමෙන් මේ සමාජයේ තවත් නිරාෂා වගේ දරු පැටව් මේ තිරිසන් ගැහැණුන්ගේ වෙළෙඳ භාණ්ඩ ලෙස පත්වීමේ ඉඩකඩ වැඩි බව ද අමතක කළ නොහැක. නිරාෂාගෙ තාත්තා අම්මාගෙ නපුරුකම් පුදුම විදිහට විඳ දරාගත්තු මනුස්සයෙක්. තාත්තා නැති නිරාෂාගෙ අම්මා නිරාෂාව මිනිසුන්ට විකුණුවෙ සල්ලි හම්බ කරන්න කියලා හිතෙන කොට ඇගේ හිතට ඉවසුම් දෙන්නෙ නැහැ. මේවගේ තිරිසන් මව්වරුන් සිටිනා සමාජයක දියණියකගේ ආරක්ෂාව පිළිබඳ මේ සමාජය දෙවරක් සිතිය යුතුයි. රත්තරං අම්මේ, දරුවො කියන්නෙ රටේ අනාගතය, තිරිසන් විදිහට අහිංසක දරු පැටවුන්ගෙ අනාගතය අඳුරු කරන්න එපා. අම්මා කියන්නෙ ලෝකෙ තියෙන උත්තරීතර පදවියක්. ලංකාව කියන්නේ ආසියාතික රටක්. ලාංකීය අම්මලා, කුස ගිනි නොබලා දරුවන්ගෙ බඩගින්දර නිවන්න අසීමිත කැපකිරීමක් කරනවා. ඒත් එවැනි සමාජයකම මෙවැනි පව්කාර අම්මා යන උතුම් පදවියට නුසුදුසු කාන්තාවන් ද සිටිනවා. මෙහිදී සමාජයක් ලෙස අපගේ වගකීම වනුයේ මෙවැනි අපරාධකාරී ක‍්‍රියා දුටුවහොත් ඊට විරුද්ධව නැගී සිටීමයි. හේතුව දරුවන් කියන්නෙ මේ රටේ සම්පතක්. ඔවුන්ගෙ ළමා කාලය විනාශ කරන්න මව්පියන් වන ඔවුන්ටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි සදාචාරවත් සමාජයක් සඳහා දරුවන්ගෙ රැුකවරණය වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතුය. (මෙහි නම් ගම් මනඃකල්පිතයි)  





Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »