භෝග වැවීමේ විවිධ වගා ක්‍රම

2017-11-10 11:34:00       38
feature-top
බෝග වගා කිරීමේදී නොයෙකුත් වගා ක්‍රම අනුගමනය කල හැකි අතර පරිසර හා දේශගුණික තත්ත්ව අනුව ආකාරය තීරණය වේ. පැරනි වගා ක්‍රම ආසියාතික හා අප්‍රිකානු රටවල තවමත් භාවිතා කරයි.
දේශීයව තෙත් හා වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල බහුලව තවමත් හේන් ගොවිතැන සිදු කරන අතර වියළි දේශගුණික තත්ත්ව යටතේ හේන් ගොවිතැන් ක්‍රම හෝ වියළි ගොවිතැන් ක්‍රම භාවිතා කල හැක. එසේම තනි බෝග වගාවකදී වෙනත් බෝගයක් අතුරු බෝගයක් සේද වගා කල හැකි වේ.
වගා ක්‍රමය තීරණය කිරීමේදී සම්පත් වල සුලභතාවය පිළිබඳව ද සලකා බැලේ. එනම් ශ්‍රමය, භූමිය, ප්‍රදේශයේ ඇති ජලය ප්‍රමාණය, ඉඩම් ප්‍රමාණය, පසේ පෝෂකයන් සහ වෙනත් භූමි සම්පත් මෙයට අයත් වේ.
තනි බෝග වගාව
යමි භූමියක එක් බෝගයක් පමණක් වගා කිරීම තනි බෝග වගාව නම් වේ. මෙහිදී එක් බෝගයක් පමණක් ඇති නිසා පාලනය පහසු වන අතර පොහොර යෙදීම, ජල සම්පාදනය ආදි කටයුතුද පහසු වේ. බෝග අතර තරඟකාරී බවක් නොමැත. එහෙත් එක් බෝගයක් පමණක් නිසා අඩමානය වැඩිය. රෝග පළිබෝධ හානි වැඩිය.
බහු බෝග වගාව
බහු බෝග වගාව යනු ඒකක ‍ක්ෂේත්‍රඵලයක වැඩි බෝග සංඛ්‍යාවක් වගා කිරීමයි. මෙහි විශේෂ වාසි කිහිපයකි. විවිධ බෝග වර්ග එකම ‍ක්ෂේත්‍රඵලයක වගා කරන නිසා ඒකක ක්‍ෂේත්‍රඵලයතින් ‍ලබන අස්වැන්න වැඩිය. විවිධ බෝග නිසා ආලෝකය උපරිමව ප්‍රයෝජනයට ගත හැක.
අන්තර් බෝග වගාව
අතුරු බෝග වගාව
ප්‍රධාන බෝගයක් සමග තවත් අතුරු බෝගයක් එක විට ක්‍ෂේත්‍රයේ පේළි අනුව වැවීම අතුරු බෝග වගාවයි. මෙමඟින් බලාපොරොත්තු වන්නේ එකම භූමියක ප්‍රශස්ථ ශාක ගහනයක් ඇති කොට උපරිම අස්වැන්නක් ලබා 

ගැනීමයි. මෙහිදී බෝග දෙකටම සමාන අවධානයක් ලබා දිය යුතුය. සීමිත වූ භූමියක් පරිහරණය කරන නිසා මෙහිදී බෝග දෙක එකිනෙකට අහිතකර නොවන පරිදි තෝරා ගත යුතුය.
උදාහරණයක් ලෙස බඩ ඉරිඟු සඳහා මුං අතුරු බෝග ලෙස වගාකල හැක. ප්‍රධාන බෝගය උස ශාකයක් වේ නම් බිම ආවරණය කර වැඩෙන සෝයා, බතල වැනි ශාකයක් අතුරු බෝග ලෙස වගා කිරීමෙන් වල් පැලෑටි පාලනයක්ද සිදු වේ.
බහු වාර්ෂික බෝගවන පොල්, රබර් වගාකරන විට අතුරු බෝග වශයෙන් කෝපි, ගම්මිරිස් යනාදිය වගා කල හැකිය. පොල් වගාවකට අතුරු බෝගයක් ලෙස අන්නාසි ඉතාම යෝග්‍යයයි.

මෙවැනි වගාවකදී බෝග විසින් වායව පරිසරයේ ලබා ගන්නා ඉඩ ප්‍රමාණය වැඩිය. මේ නිසා බෝග තෝරා ගැනීමේදී වැඩි ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගන්නා බෝග සඳහා සෙවන ප්‍රියකරන ඉඟුරු වැනි බෝගයක් යොදාගත හැකිය.

වාර්ෂික බෝග වගාවලදී අතුරු බෝග සේ වෙනත් වාර්ෂික හෝ අර්ධ වාර්ෂික බෝග යෙදීමෙන් වායව පරිසරය වැඩිපුර ප්‍රයෝජනයට ගත හැක. මෙහිදි බඩ ඉරිඟු සහ කව්පි, මිරිස්, ළූණු ආදිය මිශ්‍රව වගාකල හැකිය.
කඩින් කඩ වගාව
කඩින් කඩ වගාව යනු බෝගයක් පරිනත වු පසු එහෙත් අස්වනු රැස් කිරීමට පෙර හෝ ඒ අතර වෙනත් බෝගයක බීජ හෝ පැල සිටුවීමයි. එක් බෝගයක පුෂ්ප හට ගන්නා අවධිය සහ ඊලඟ බෝගයේ වර්ධන අවධිය සමපාත වන ලෙස අතුරු බෝගයන් වගාකිරීම වශයෙන්ද මෙය අර්ථ දක්වා ඇත.

රසායනික ‍පොහොර භාවිතයකින් තොරව සිදු කරන වගාව මෙනමින් හැඳින්වේ.
ඒකාබද්ධ වගාව
එකම භූමියේවගා ක්‍රම කිහිපයක් භාවිතා කරමින් වගා කිරීම ඒකාබද්ධ වගාව නම් වේ.

ආරක්ෂිත කෘෂිකර්මය
ආරක්ෂිත බෝග වගාව ලෙස හඳුන්වන්නේ ප්‍රශස්ථ බෝග වර්ධනයක් අරමුණු කරගෙන ස්වභාවික පරිසරය නවීකරණය කිරීමයි.මෙහිදී වායව හා පාංශු පරිසර 2 ම නවීකරණය කරන නමුත් වායව පරිසරය නවීකරණය කිරීම අත්‍යාවශ්‍යය. එබැවින් වගා කාලය තුල අනිවාර්යයෙන්ම ආවරණ යෙදීම නිසා මෙය ගෘහස්ථ බෝග වගාව ලෙස හැඳින්වේ.

තවද පාලිත තත්ත්ව යටතේ බෝග වගාව සිදු කරන බැවින් පාලිත පාරිසරික කෘෂිකර්මය ලෙසද හැඳින්වේ. මෙහි මුලික අරමුණ වන්නේ අහිතකර තත්ත්වවලින් බෝග ආරක්ෂා කර ගැනීමයි. හරිතාගාර තුල වගා කිරීමට යොදා ගන්නේ එලවළු, මල් වර්ග, පඳුරුමය පළතුරු වර්ග හා වෙනත් බෝගවල තවාන් අවස්ථාවයි. පටක රෝපණය මගින් ගුණනය වන පැලද හරිතාගාර තත්ත්ව යටතේ වගා කෙරේ.

නිර්පාංශු වගාව
පස් රහිත මාධ්‍යයක බෝග වගා කිරීමේදි බෝගය වර්ධනය සදහා පසෙන් ලබා ගන්නා සියඑ අවශ්‍යතා ජලයෙන් ලබා ගනී. මේ නිසා පොහොර වර්ග යනාදිය ජලයට මිශ්‍රකර ලබාදිය යුතුයි. තුලිත ආහාරයකට අත්‍යාවශ්‍ය වන කොල එළවඑ මෙලෙස ජල රෝපිත වගා ක්‍රමය මගින් පහසුවෙන් වගා කල හැකිය. එය නිවසේ හොදින් හිරු එළිය ලැබෙන පහසු ස්ථානයක වගා කිරිම තුලින් ආහාරය සදහා එක්කර ගත හැකි වනවා මෙන්ම නිවසට අලංකාරයක්ද ලැබේ මුකුණුවැන්න, ගොටු කොල, සලාද, කංකුන් යනාදිය මෙහිදි වගාකල හැකිය.

ජලරෝපිත වගාව සදහා රිජි‍ෙෆා්ම් පෙට්ටි, විශාල ඡඪඣ නල ප්ලිස්ට්ක් භාජන යොදාගත හැකිය. රිජි‍ෆෝමි පෙට්ටියක් වගාව සදහා යොදාගැනිමේදි එහි ඇතුලත කඑපැහැ පොලිතිනයකින් ආවර්ණය කරන්න. එහි කෙලවර පෙට්ටියේ බිත්තියට සිටින සේ ගම් ටේප් එකකින් අලවා ගන්න. පෙට්ටියේ පියනේ බෝගය සිටුවීමට ගන්නා භාජනයේ ප්‍රමාණයට සිදුර‍ැ සකසා ගන්න.

බෝගය සිටුවන ප්ලාස්ටික් කප් තුල කොලපැහැ නෙට් කැබලි අතුරා ගන්න. එම ‍කප් බෝගය සිටුවා රිජි‍පෝම් පෙට්ටියේ පියනට සවිකර පියන වසන්න. රිජි‍පෝම් පෙටිටිය තුලට වගා මාධ්‍යය අඩංගු ජලය පුරවන්න. මෙහිදී කප්වල අඩිය ජල මට්ටමේ ගෑවිය යුතුය. දින කිහිපයකින් නෙට් කප් තුලින් පහලට මුල් වර්ධනය වීම දැකගත හැකිය. මෙම මුල් නිරතුරුවම ජලයේ ස්පර්ෂ වෙමින් තිබිය යුතුය.

courtesy facebook .com


More News »