අපේ ගොවිකම

2017-11-20 10:54:00       101
feature-top
පැරණි ගැමි සංස්කෘතිය වැවයි, දාගැබයි-ගමයි, පන්සලයි යන සංකල්පය මත ගොඩනැගුණකි. ගැමි ජීවිතයේ පදනම වූයේ කෘෂිකර්මාන්තය යි. එනිසාම ලාංකීය සමාජය කෘෂි සංස්කෘතියක් මත ගොඩනැගුණක් සේ සැලකේ.

අතීත සිංහලයා දිවි පෙවෙත සරුසාර කොට ගත්තේ කුඹුරත් ,කමතත් ඇසුරිනි. ගොඩ ගොවිතැන හේන් ගොවිතැන වූ අතර මඩ ගොවිතැන වූයේ වී ගොවිතැනයි. ඒ අනුව ප‍්‍රධාන කෘෂිකර්මාන්තය වශයෙන් සැලකූෙවි වී ගොවිතැනයි. එනිසාම අටුකොටු සරු වූ ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය ලෙස සලකනු ලැබීය. එහිදී සොබාදහම හා අදෘශ්‍යමාන බලෙවිග වල බැල්ම ,ආශිර්වාදය ඉතාමත් දැඩි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කරන ලදි.
එම කෘෂි සංස්කෘතියටම ආවේණික වූ වචන මාලාවක් මෙන්ම චාරිත‍්‍ර වාරිත‍්‍රයන් ද පැවතිණි. කෘෂිකර්මාන්තය තුළ භාවිත කළ භාෂාව තුළින් තත්කාලීන සමාජයේ භාෂාත්මක ලක්ෂණ සහ සංස්කෘතිය ද මනාව නිරූපණය ෙවි.
කෘෂිකර්මාන්තය ගත්කළ මුලිකවම ,
 වී ගොවිතැන (කුඹුරු ගොවිතැන*
 හේන් ගොවිතැන (ගොඩ ගොවිතැන*
 ගෙවතු වගාව
             යන තුන් ආකාරයටම ඉටු කරනු ලැබීය.
නියමිත ස්ථානයක ස්ථීර ලෙසට ක‍්‍රමානුකූලව හා නිශ්චිත කාලයක් තුළ කරනු ලැබුවේ වී ගොවිතැනයි. හේන් ගොවිතැන ඊට වඩා මදක් වෙනස් ය. හේන් ගොවිතැනේදී කුරහන් ,මුං ,මෙනේරි, තල වැනි ධාන්‍ය වර්ග මෙන්ම බටු, මිරිස් ,වට්ටක්කා වැනි භෝග වර්ග ද වගා කළහ. ගොවියන් ඒ වැඩ කටයුතු කරද්දී ගෙවිලියෝද තම ගෙවත්තේ විවිධ භෝග වවන්නට වූ අතර ඉන් නිවසේ එදිනෙදා පරිභෝජනය සරිකර ගන්නා ලදි.

සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය.

පැරණි ලාංකීය ජන සමාජයේ පැවති කෘෂි ආර්ථික රටාව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයයි.  එහිදී භාවිත කරන ලද්දේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද වූ බැවින් එලෙෂ ව්‍යවහාර කරන්නට ඇත. පැරණි ලාංකීය සමාජ ජීවිතය මුළුමනින්ම පාහේ කෘෂිකර්මාන්තය ආශ‍්‍රිතව ගොඩනැගී තිබුණු නිසාම එකල ගැමි සංස්කෘතිය කෘෂි සංස්කෘතියක් බවට පත්ව තිබුණි. අතීත සමාජ රටාව ඒ ඔස්සේ ව්‍යුත්පන්න වූයෙන්  සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයට ඉතා විශාල වැදගත්කමක් හිමිව තිෙබි. ඔවුනටම අවැසි බස් වහර නිපන් වූයේ ද කෘෂිකර්මාන්තය ඔස්සේම ය. විශේෂයෙන් ම සාම්ප‍්‍රදායික සන්නිවේදනාත්මක හරය ද මෙම උප සංස්කෘතිය තුළ සමාජ සබධතා තහවුරු කළ ප‍්‍රධාන මෙවලමක් වූ බව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය හා බැදි සාම්ප‍්‍රදායික සන්නිවේදනයන් තුළින් හදුනා ගත හැක.
සාම්ප‍්‍රදායික ගොවිතැනේදී ගොවියා සොබා දහම හා ඉතාමත් ළෙන්ගතු සබධතාවක් පවත්වනු ලැබීය. ඔවුහු ගොවිතැන ඇරඹූවේ කල්යල් බලා උචිත නැකැත් වේලාවකට අනුවය. එලෙස කිරීමෙන් නිසි කලට වැසි වැස වැපිරූ භෝග පැලවීම සහතික විය.
සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය ගත් කළ මුලිකත්වයක් හිමි ව තිබුනේ මඩ ගොවිතැන හෙවත් වී වගාවටයි. ඒ අනුව වී වැපිරීමේ සිට අස්වනු නෙලා ගෙට ගැනීම දක්වා අතර වූ විශාල කි‍්‍රයාවලියක් පැවතිණි. ඒවා සම්බන්ධව අභිචාර ක‍්‍රම, චාරිත‍්‍ර වාරිත‍්‍රයන් ද දක්නට ලැබුණු නිසාවෙන් ම සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය යනු මෙම සමස්ත ක‍්‍රියාවලියම බැව් ප‍්‍රකාශ කිරීමට පුළුවන. ඒ තුළ කමතට ඉතාමත් වැදගත් අවස්ථාවක් හිමිව තිබූ අතර එයට ආවේණික වෙනම ම භාෂාවක් හා ක‍්‍රියාකාරකම් පෙළක් පවතී. මෙහිදී පළමුව කුඹුරක සිදුවන කි‍්‍රයාවලිය සංක්ෂිප්තව හෝ විමසා බැලීම එහි භාවිත අධ්‍යයනය කිරීමෙහි ලා පිටුවහලක් ෙවි.
කුඹුරේ කෙරෙන කටයුතු මුලිකවම ,
x වී ඉසීමට පෙර අවස්ථාව
x වී ඉසීමේ සිට අස්වනු කමතට ගෙන යාම දක්වා අවස්ථාව
                              වශයෙන් දෙයාකාරයකින් යුක්ත වූහ.

මුල් අවස්ථාව යටතේ සිදු වන්නේ සී සෑමයි. පැරණි ගැමියන්
 පුරං හීය (බින්නැගුම*
 දෙහිය
 මඩ හීය
               යන ප‍්‍රධාන අවස්ථා තුන මත කුඹුර හානු ලැෙබි. ඔවුනට ඊට අවශ්‍ය දැනුම පාරම්පරිකව හිමි වූ අතර සිරිතක් ලෙස ලියද්දක් හාන්නේ එහි පාවුල සිටය. ඉන් අපේක්ෂා කළේ එහි රැුදී ඇති ජලය එක්වරම සිදී යාම වළක්වාලීමයි.
වී ඉසීමට පෙර කුඹුර මනාව මට්ටම් කිරීම එදා හැදින්වූයේ මඩ මේවර කිරීම ලෙසිනි. ඉන්පසුව එළඹෙන වැදගත් අවස්ථාව වන්නේ වී ඉසීමයි. උදේ වරුවේ දී සිදුකෙරෙන මෙය ගැමියන් ව්‍යවහාර කළේ ගෙවඩනවා යන නමිනි. මේ අවස්ථාවේ දී පැළමල හිටවීම නැමති චාරිත‍්‍රය ඉටු කරන අතර පුවක් මලක් හෝ පෙල් මලක් ,කිරි ගසක අත්තක් ,හබරල අත්තක් ගෙන වපුරනු ලබන කුඹුරේ මේ සියල්ල සිටුවා ඊට වී අහුරක් ඉසියි. එ් වී අහුර එම අතුවල වැදී නැවත ලියද්දටම වැටේ. එසේ කිරීමෙන් අස්වැන්න වැඩිවේ යැයි ගැමියන් අතර විශ්වාසයක් පවතී.
වී ඉසීමේ කාරියට පළපුරුදු පුද්ගලයා වී කපුවා , වී ගොයියා යන නම් වලින් හදුන්වනු ලැබීය. වෙනත් ගොවිතැන් කටයුතු වලට සම්බන්ධ නොවන මොහු ලියද්දක වපසරිය පළපුරුද්දෙන් දැන අහුරෙන් අහුර වී ඉසීම සිදු කරයි.
ඉන්පසු දෙවන අදියර ආරම්භ වේ. ගොයම වැඩිමෙන් පසු වැදගත්ම අවස්ථාව වනුයේ සුභ නැකතක් බලා ගොයම් කැපීමයි. එලෙස මුලින්ම කැපෙන ගොයම කමත් කොළේ ලෙස හදුන්වයි. එතැන් පසු කටයුතු සිදු කෙරෙනුයේ කමතේ වන අතර ඒ ආශ‍්‍රිත වෙනම ක‍්‍රියාවලියක් මෙන්ම අභිචාර රැුසක් කෘෂි සංස්කෘතිය තුළ මනාව හදුනා ගත හැක.
” ඉහළ වෙලේ තියෙන  බැතා
 පහළ වෙලේ තියෙන  බැතා
 අටු කොටු වල තියෙන  බැතා
 ඇද පුරවන් මේ    කමතා ”
      
වැනි ඒවාටම විශේෂිත වූ කෘෂි සාහිත්‍යයකට ද අප උරුමකම් කියා ඇත්තෙමු.
 මෙහිදී,
 කොළ මැඩවීම
 බැත පෑගීම
 බැත මැනීම


මුලිකවම කමත තුළ සිදුකෙරේ. කමත ශුද්ධ භූමියක් වනබැවින් ඒ තුළ අභිචාර ක‍්‍රම රැුසක් සේම ක‍්‍රමවේද රැුසක් අනුගමනය කරනු ලබයි.

”කොළ මැඩවීම” යනු හරකුන් ලවා කොළපාගවා වී ඇට වෙන් කිරීමයි. එහිදී වට කැඞීම සිදු කෙරේ. කොළ මදක් මැඩවුණු පසු කොළ ගොඩෙන් හතරෙන් එකක් ගෙන උකුණු දැත්තෙන් සොලවා යලිත් කොළ ගොඩට දැමීම වට කැඞීම නමි.(ජේ.බී දිසානායක – උඩරට සිංහලය කෘතිය* පසුව කොළ බිදීම සිදු කරන අතර එය ඇතැම් අය කොළේ සමන්නනවා ලෙසින් ද හදුන්වයි. ඉන්පසු මඩුවන් බෑම ඇරඹෙන අතර මුලින්ම ප‍්‍රධාන ගොවියා එම කටයුත්ත සිදුකරයි.
 ඊළග අවස්ථාව ”බැත පෑගීම” යි. මෙහිදී මුලින්ම කෙරෙන්නේ බැතය කොක් ගෑමයි. එනම් බැතයට යට වූ පිදුරු කෑලි ,කාටු ආදිය ඉවත් කිරීමයි. නියම වශයෙන් බැත පෑගීමට පෙර ගොවියා කුල්ලක් ගෙන , බැත කන්දට වැද , තුන්පළකින් බැත ස්වල්පය බැගින්  කුල්ලට ගෙන , එය නැවතත් බැත කන්දටම හෙලීම කරයි. පසුව තෙවතාවක් කුල්ලෙන් බැත කන්දට පවන් ගසයි.
 මීළග වැදගත්ම කටයුත්ත ”බැත මැනීම” යි. ඊට පෙර ඉටුකළයුතු චාරිත‍්‍ර කීපයක්ම පවතී. ලහ ඇදින්නීම , බැත ලාහු කිරීම හා බැත ඉදුල් කිරීම වැනි කටයුතු ඒ යටතේ දී කරනු ලැෙබි. බැත කන්දක තිබෙන බැත ප‍්‍රමාණය ගැන දළ අවබෝධයක් ගොවියාට තිබෙන නිසා ඔහු මුලින් කුඹුරු හිමියාට වෙන් කොට ඊට සමාන ප‍්‍රමාණයක් තමාටත් තබා ගනී. අනතුරුව අන්තිම ලාහ දක්වා පිළිවෙළකට සමසමව බැත බෙදීම කරයි.
 මෙහිදී අතීතයේ පැවති වී ගොවිතැන හා සම්බන්ධ වදන් සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුය. මන් ද නූතන කෘෂිකර්මාන්තය තුළ ඒවා වෙනස් වී ඇති අන්දම අධ්‍යයනය කිරීමේදී එය පිටිවහලක් වන බැවිණි.
 
කමත/කළවිට -     ගොයම් පෑගීම සදහා කුඹුරේ සාදා
   ඇති විශේෂ ස්ථානය
 ගොයම් කොළය/කොළ කැටිය -   ගොයම් ගොඩගැසූ කන්ද
 දැතිගොයියා -     ගොයම් කොළ ඇවිස්සීමට
        ගන්නා දණ්ඩ
 මාගල -      වී වේලීමට ගන්නා මා
පැදුර
 පාවර -      එකවර පාගනු ලබන ගොයම්
ප‍්‍රමාණය
 ඇවරිය -     වී හුලං කිරීමට යොදා
ගන්නා ආධාරකය
 වලහන් -     ගොවිතැනට උදව් වෙන අයට
         දෙනු ලබන වී ප‍්‍රමාණය
 මැඩුවන් -      පිදුරු
 අම්බරුවන් -           මී හරක්
 මැල්ල -      බොල් වී
 ඇඹුල - උදේ කෑම
 මුත්තා කණුව -    ගොන් කණුව
 බැත -      වී
 යතුර -     කුල්ල
 ලියන්නාව -      දෑකැත්ත
 මුත්තෙට්ටුව-     ආහාර
 බරු -       වී සහිත ගොයම
 යාල ගොයිය -          කුරුණිය
 බාන් වැල -      වැල් වලින් ඇඹරූ ලණුව
 දැති බැදීම -      නියරවල් බැදීම
 මඩ මේවර කිරීම -    කුඹුර මනාසේ මට්ටම් කිරීම
 
කුඹුර තුළ කමත ට හිමි වන්නේ ප‍්‍රධාන ස්ථානයකි. ගැමියා කමත දේවත්වයෙන් සලකන නිසාම ඒ ආශ‍්‍රිතව වෙනම අභිචාර හා බැදි කි‍්‍රයාවලියක් මෙන්ම ඊටම ආවේණික වචන මාලාවක් ද භාවිත කරනු ලබයි. පිරිමින් විසින් කමතේ වැඩ කටයුතු ඉටු කරනු ලබන අතර කාන්තාවන්ට කමතට ගොඩවැදීම අකැප යැයි සලකයි. කමතට තුළ භාවිත වන වචන කුඹුර තුළ භාවිත වන වචන වලින් වෙනස් වන අන්දම පහත පරිදි හදුනා ගත හැක.

 කමත තුළ     කමතින් පිටත
 අම්බරුවා                                   හරකා
 ඉස්සර කරනවා                 කනවා
 කොටන්නාව                        උදැල්ල
 කොළේ                                ගොයම් ගොඩ
 ගගුලා     කැද
 ගොම්පස්     ගොම
 දැති ගොයියා    උකුණු ගහ
 පුබ්බරු     බත්
 පැගිරියා     බුලත්
 යාල්ලනවා    බැත මදිනවා
 රතඹලා     ගින්දර
 බාපල්ලා     වරෙං

 යනාදී ලෙස දැක්විය හැක.



More News »