වී දෙමුහුන් කරනය

2017-12-05 11:49:00       18
feature-top
ලංකාවේ වාර්ෂික ජනගහන වර්ධනය 1.2% ක් වේ. මේ නිසා අවුරුදුපතාම අපේ රටේ යැපෙන්නන් ගණන වැඩි වේ. වැඩිවන යැපෙන්නන් ගණනට සමානුපාතිකව සහල් නිෂ්පාදනය ද වාර්ෂිකව වැඩිවිය යුතු ය. 2003 දී මෙරට පරිභෝජනයට අවශ්‍ය වූ වී ප‍්‍රමාණය මෙට්රික් ටොක් මිලියන 3.1කි. ඒ අනුව ජනගහන වර්ධනයට සමානුපාතිකව 2005 වර්ෂයට වී මෙට්රික් ටොන් මිලියන 3.46 ක් ද 2020 දී මෙට්රික් ටොන් මිලියන 3.83 ක් ද අවශ්‍ය වේ. 

ඒ අනුව අපේ රටේ වී නිෂ්පාදනය වැඩිකර ගත යුතු ව තිබේ.මෙහිදීී අප ඉදිරියේ ඇති අභියෝග ගණනාවක් වෙති. ගෙවීගිය පරිච්ජේදය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන ලද වැඩි අස්වනු සහිත වැඩිදියුණු කළ දෙමුනුන් කරණයට පත් වූ වී වර්ගවල අස්වනු මේ වනවිට එක් මට්ටමකට සීමා වී තවදුරටත් වැඩිකළ නොහැකි තත්ත්වයක එක් මට්ටමකට සීමා වී වසරින් වසර සුළු වශයෙන් හෝ අඩුවීමේ තත්ත්වයක් ද දක්නට ලැබේ. එසේම මේ වන විට දිවයිනේ වී වගා කළ හැකි සුදුසු සියලුම බිම්කොටස් අස්වද්දා හමාරය. ඇතැම් ප‍්‍රදේශවල පවත්නා ජල හිඟය නිසා ද කාලගුණ තත්ත්වයන් නිසාද පරිසර සාධකයන් නිසාද දේශීය වී නිශ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් ඇතිකිරීමට දැන් අපහසු වී තිබේ. මේ නිසා රටට ඇතිවන තරමට මේ රටේ වී නිෂ්පාදනය වැඩි කිරීමට නම් දැනට අපට ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ අක්කරයකින් ලබාගත හැකි වී අස්වනු ප‍්‍රමාණය මොනයම් උපක‍්‍රමයකින් හො වැඩිකර ගැනීමයි. මේ සඳහා යොදාගත හැකි ක‍්‍රමවේදයන් අතර වී බීජ දෙමුහුන්කරණය ප‍්‍රධාන තැනක් ගනී.කිසිදු අයුරකින් මුහු නොවූ පිරිසිදු වී කුල දෙකක් තාක්ෂණිකව එකට මුහුකිරීමෙන් ලැබෙන මුල්ම පරපුරේ බීජ දෙමුහුන් බීජ වශයෙන් සරල ලෙස හැඳින්විය හැකිය. මෙසේ වර්ග දෙකක්  නිර්මාණය වන නව කුලය, සිය මව්පිය පරපුරේ ගතිලක්ෂණ වලට වඩා උසස් ගුණාංග පෙන්නුම් කරන අතර මෙම තාක්ෂණික සංසිද්ධිය හඳුන්වන්නේ ‘දෙමුහුන් දිරිය’ වශයෙනි. වී නිෂ්පාදනය කරන බොහෝ රටවල මෙම ‘දෙමුහුන් දිරිය’ අත්හදා බලා සාර්ථක ප‍්‍රතිඵල දිනාගෙන ඇත. අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින්ද මෙම නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් අස්වනු වැඩව වී කුල ගොවි ජනතාවට හඳුන්වා දීමට කටයුතු කරගෙන යයි.දෙමුහුන්කරණයට හෙවත් දෙමුහුන් දිරියට පත් වූ වී කුලවල අස්වනු සාමාන්‍ය නොමුහුන් වී වලට වඩා වැඩිය. ඊට මුල් වී ඇති හේතු ගණනාවක් වෙයි. නව වී කුලයට හොඳින් වර්ධනය වූ පුලුල් මූල පද්ධතියක් පිහිටීම නිසා පෝෂණ ද්‍රව්‍යයන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩිය.

 එමනිසා ශාකයේ වර්ධන වේගය ශීඝ‍්‍ර වේ. වැඩි වැඩියෙන් පඳුරු දැමීම නිසා වී කරල් ගණන වැඩිවෙයි. දිගු විශාල කරලක් හටගැනීම නිසා කරලේ වී ඇට ප‍්‍රමාණය වැඩිවේ. බොල් අඩුය. වී ඇට පිරී තිබීම නිසා බරින් වැඩිය. දෙමුහුන් දිරිය නිසා අහිතකර තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ශක්තිය ඇත. ඇතැම් රෝගවලට හා පළිබෝධ වලට දක්වන ප‍්‍රතිරෝධතාවය ස්වකීය මව්පිය කුලවලට වඩා ප‍්‍රබලය. සමාන පරිසර හා යෙදවුම් තත්ත්වය වලදී දෙමුහුන් දිරියට පත් වූ කුලවල වී අස්වනු එම වයස් කාණ්ඩයේම වැඩිම අස්වනු සපයන නොමුහුන් කුලවල අස්වනු ප‍්‍රමාණයන්ට වා 20% කින් පමණ දෙමුහුන් දිරියට පත් වූ වී කුලවල අස්වනු වැඩිය.ඉහත කී ගුණාංග සපුරාලමින් දේශීීය වී අස්වැන්න වැඩිකර ගැනීමේ අභියෝගයට මුහුණ දී බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය උසස් ගුණාත්මක අස්වනු වැඩි දෙමුහුන් වී කුල තුනක් මේ වනවිට සාර්ථක ලෙස අභිජනනය කර ඇත. ඒවා මෙසේ ය.බීජ - එච්ආර්01මේවා මාස 4 ක් වයසැති වැඩිමල් වී කුලයට අයත්ය. මේවායේ සහල් නිවුඩු සහිතය මෙම ප‍්‍රභේදය අභිජනන යේදී ‘එච්. 4’ නම් වූ මුහුම් වී කුලය පිය ශාකය ලෙස යොදා ගෙන ඇත. දැනට භාවිතයේ පවත්නා ‘බීජී 403 මහසෙන්’ නමැති වී කුලයට වඩා මේවායේ අස්වැන්න 450% කින් පමණ වැඩි ය. අක්කරයකට වැඩිවීම වී බුසල් 20 ක් පමණ වේ.බීජී - එච්ආර් 06මේවා මාස 3 1/2 බාලමල් වී කුලයට අයත් වේ. මේවායේ සහල් සුදුය. දැනට භාවිතයේ පවත්නා මෙම කුලයට සමාන බීජී 357 හා බීජී 358 වී වර්ගවලට වඩා මේවායේ අස්වනු 30% කින් පමණ වැඩිය. 

සාමාන්‍යයෙන් අක්කරයට වී බුසල් 15 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරේ.බීජී - එච්ආර් - 12මේවාද මාස 3 1/2 බාලවල් වී කුලයට අයත් වේ. මේවායේ සහල් ද සුදුය. දැනට භාවිතයේ පවත්නා බීජී 357 හා බීජී 358 වී වර්ගවලට වඩා මෙම කුලයේ අස්වනු 35% සිට 55% දක්වා වැඩිවීමක් පෙන්නුම් කරයි. අක්කරයකට වී බුසල් 30 ක පමණ වැඩිවීමක් ඇත.සෑම කන්නයකදීම වගාව සඳහා මුල් පරම්පරාවේ ‘පියබීජ’ තෝරාගත යුතුය. ඉදිරි කාලයේ දී දේශීීය වී අස්වැන්න වැඩි කිරීමටත් රට සහලින් ස්වයං පෝෂණය කිරීමටත් දේශීීය වී වගාවේ ඉදිරි අභියෝග ජය ගැනිමටත් දෙමුහුන් දිරිය ඉතාමත් අවශ්‍ය වනු ඇත.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »