ගොවියා මරාදමන රසායන ගොවිතැන.?

2018-01-15 11:09:00       121
feature-top
රසායනික පොහොර ඉල්ලා සිටීම වකුගඩු රෝගය හරහා මරණය ඉල්ලා සිටීමකි - වකුගඩු අකරණය නමින් හඳුන්වනු ලබන රජරට පුරා පැතිරෙමින් පවත්නා වකුගඩු රෝගය හඳුනාගනු ලැබුයේ 2020 පදවිය ප්‍රදේශයේ රෝගීන් කීප දෙනෙකු ආශ්‍රිතවය. එදා පටන් මේ දක්‌වාම "වකුගඩු අකරණය" පිළිබඳව විවිධ පර්යේෂණ පවත්වමින් මේ රෝගය පිළිබඳව ලෝකයේ වැඩිම පර්යේෂණ ප්‍රත්‍රිකා නිකුත් කර ඇති රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා රජරට ජන ජීවිතය "වකුගඩු අකරණය" නිසා අකල් මරණයෙන් බේරාගැනීමට නම් විෂ සහිත රසායනික පොහොර ඇතුළු කෘෂි රසායන භාවිතය සහමුලින්ම නැවැත්විය යුතු යෑයි වරක්‌ නොව බොහෝ වාරයක්‌ අවධාරණය කර ඇත. එපමණක්‌ ද නැත. රජරට ගොවි ජනතාව මේ විපතින් බේරා ගැනීම සඳහා රජයේ අනුග්‍රහය ඇතිව රජරට ගොවි පවුල් පනස්‌ දහසකට රසායනික පොහොර අවශ්‍ය නැති පාම්පරික දේශීය වී වර්ග එක්‌ ගොවි පවුලකට කිලෝ පහළොව බැගින් නොමිලයේ බිත්තර වී ලබාදී රසායනික පොහොර අතහැර දේශීය වී වගාවට ගොවීන් පෙළඹවීම සඳහා නියාමක ව්‍යාපෘතියක්‌ද 2014 මහ කන්නයේදී ක්‍රියාත්මක කරන ලදී. ලිප තැබූ හැලියේ වතුර නටන තුරු කකුළුවා පිනුම් ගසන්නාක්‌ මෙන් රසායනික පොහොර හරහා සිදුවන විපත ගැන නොදන්නා හෝ නොහිතන බොහෝ අය සුළු ලාභය පතා වකුගඩු රෝගය හරහා මරණය ඉල්ලා සිටින්නාක්‌ මෙන් රසායනික පොහොරම ඉල්ලා සිටිති.
 
 soba2මේ වන විට මැදවච්චිය පෙරියකුලම ගම්මානයේ වකුගඩු රෝගීන් 50 කට වඩා සිටිති. මේ ගමේ එකම පවුලේ හත් දෙනෙකුට වකුගඩු රෝගය සෑදී තිබූ අතර එයින් දෙදෙනකු මේ වන විට මියගොස්‌ ඇත. මැදව්විය "කොඩියබැන්දවැව" ගමේ ජීවත්වන ගොවි පවුල් විසිනමයේම හැම ගොවි පවුලකම එක්‌ වකුගඩු රෝගියෙකුවත් සිටිති. මැදවච්චිය ඉහළ තම්මැන්නාව ගමේ 2014 වසරේදී වකුගඩු රෝගීන් 14 දෙනෙකු මියගොස්‌ ඇති අතර දැනුදු රෝගීන් 12 ක්‌ පමණ සිaටිති. රත්තොට ගමේ ගොවීන් සිය දෙනෙකුගේ වකුගඩු රෝගී ලක්‌ෂණ හමුවී ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. පදවිය ප්‍රදේශයේ වකුගඩු රෝගින් දෙදහසකට වැඩිය. මැදවච්චිය ප්‍රදේශයේ වකුගඩු රෝගීන් තුන්දහසක්‌ පමණ සිටිති. සමස්‌තයක්‌ වශයෙන් ගත්කළ රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් විසිදහසකට වැඩිය. මීට අමතරව එක්‌ වසරක්‌ තුළ අනුරාධපුර දිසාවෙන් පිළිකා රෝගීන් දහසක්‌ පමණ අලුතෙන් හඳුනාගන්නා බව අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ පිළිකා රෝග වාට්‌ටු භාර විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි. "වකුගඩු හා පිළිකා රෝග වලින් පීඩනයට පත්ව සිaටින මේ දරු පවුල්වල දුක්‌ අදොaනා අපමණය.
 
 පවුලේ මූලිකයා රෝගියකු බවට පත්වූ විට ඔවුන්ගේ දරු පවුල මුළුමනින් කඩා වැටෙයි. සියලු ගොවිතැන් බත් ඇණ හිටි. දරුවන්ගේ පාසල් ගමන නවතී. පවුලේ එදිනෙදා ජීවත්වීමට සහ රෝගියාට ප්‍රතිකාර කිරීමට හරිහම්බ කළ දේ විකුණා දැමීමට සිදුවෙයි. ගෙදරට මූදේවිය අරක්‌ ගනී. පවුල එහෙම පිටින්ම නන්නත්තාර වී ගරා වැටෙයි. රසායනික පොහොර ඉල්ලා කෑගසන්නන් අතර වකුගඩු රෝගීන් හෝ පිළිකා රෝගීන් නැත.
 
 පසුගිය වසර කීපය තුළ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ රෝහල් ගතවී මියගිය සංඛ්‍යාව 2260 ක්‌ පමණ වේ. සාමාන්‍යයෙන් වසරකට වකුගඩු රෝගීන් 283 දෙනෙකු පමණ මියයන අතර මසකට රෝගීන් 24 දෙනකු පමණ මියයති.
 
 ආනයනික රසායනික පොහොර වර්ග වලින් වඩාත් අනතුරුදායක වන්නේ ටී.එස්‌. පී. නමින් හඳුන්වන (ත්‍රිපල් සුපර් පොස්‌පේට්‌) පොහොර වර්ගයයි. මෙම මිශ්‍රණය තුළ 72% ක්‌ පමණ පවතින්නේ පොස්‌පෙට්‌ය. ලෝකයේ උසස්‌ වර්ගයේ පොස්‌පේට්‌ පොහොර නිධි සීග්‍රයෙන් හිඟව ගොස්‌ ඇත. මේ නිසා වර්තමානයේ ටී. එස්‌. පී. පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා බාල වර්ගයේ පොස්‌පේට්‌වල කැඩ්මියම් නමැති විෂ කාරකය 5% සිට 2% දක්‌වා පවත්නා බව මෙරට විද්‍යාඥයන් හඳුනාගෙන ඇත. ලංකාවේ එප්පාවල පවත්නා පොස්‌පේට්‌ නිධියේ කැඩ්මියම් විෂ කාරකය ඇත්තේ 0.005% ක ඉතාම අවම ප්‍රමාණයක්‌ වූවත් තවමත් එප්පාවල නිධියේ පොස්‌පේට්‌ ටී.එස්‌. පී. පොහොර නිෂ්පාදනයට යොදා රුපියල් 350 පොහොර සහනාධාරය යටතේ 2005 සිට 2016 දක්‌වා වසර 11 ක්‌ එකදිගට අපේ කුඹුරුවලට රසායනික පොහොර යොදා ඇත. අක්‌කර දෙකයි කාලකට හෙවත් හෙක්‌ටර් යාරයකට සහනාධාර ක්‍රමය යටතේ රසායනික පොහොර කිලෝ පනහේ මිටි 10 ක්‌ හෙවත් කිලෝ 500 ක්‌ එක්‌ කන්නයට ලැබුණි. කන්න දෙකට හෙවත් වසරකට රසායනික පොහොර කිලෝ 1000 කි. වසර 11 ක්‌ තුළ හෙක්‌ටයාරයකට බිමට වැටී ඇති රසායනික පොහොර ප්‍රමාණය කිලෝ එකොලොස්‌දහකි. හෙවත් මෙට්‌රික්‌ ටොන් 11 කි. හෙක්‌ටයාරයක්‌ වැනි වපසරියකට මෙවැනි අති විශාල රසායනික පොහොර ප්‍රමාණයක්‌ වැක්‌කෙරුවිට ඒ පොළොවේ පසේ සක්‍රීයතාවය මුළුමනින්ම වඳවී ගොස්‌ නිස්‌සාර බොල් පසක්‌ බවට පත්වේ. දැන් රසායනික පොහොර නැතිව කුඹුරේ ගොයම හැදෙන්නේ නෑ. යන කතාව නිතර නිතර ගොවීන්ගෙන් අසන්නට ලැබේ. මේ කතාව සපුරා ඇත්තය. රසායනික පොහොර මගින් පොළවේ සක්‍රීයතාවය නැතිකොට පස බොල් පසක්‌ බවට පත්කර ඇති හෙයින් නැවත වගාවන් කිරීමට නම් කෘත්‍රිම රසායනික පොහොර කුඹුරට හැලිය යුතුය. නමුත් මෙසේ දිගින් දිගටම රසායනික පොහොර හැලීමෙන් වූවත් තවත් වසර කීපයක්‌ යනවිට පසේ තිරසාරභාවය නැති වී කිසිවක්‌ නොහැදෙන තත්ත්වයට පස පත් වෙයි. දැනුදු රසායනික පොහොර බහුල ලෙස යොදා ඇති කුඹුරුවල සමහර තැනක ගොයම් පීදෙන්නේම නැතිව පුහු වී යන අවස්‌ථා දක්‌නට ලැබේ.
 
 මේ අනුව තවදුරටත් කුඹුරේ පස විකෘති වී නිස්‌සාරණය වීමට පෙර අප කළ යුත්තේ තවතවත් පස නිසරු වීමට රසායනික පොහොර යෙදීම නොව කුඹුරේ පස ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගොම පොහොර ගිණිසීරියා අතු දහයියා අගුරු වැනි පස සක්‍රීය පොහොර යෙදීමය. කුඹුරෙන් ඉවත් වන පිදුරු ගොයමට හොඳ පොහොරකි. කන්නයක්‌ පාසා මෙවැනි කාබනික පොහොර යොදමින් කන්න දෙක තුනක්‌ ගොවිතැන් කළ විට කුඹුරේ පස යළිත් යථා තත්ත්වයට පත්වේ.
 
 දේශීය වී වගාව මේ සඳහා ඉතාමත් සුදුසුය. දේශීය වී වර්ගවලට කෘත්‍රිම රසායනික පොහොර අවශ්‍ය වන්නේ නැත. දැනටමත් බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අභිජනන අංශය මගින් මව්පිය කුලයේ යහපත් දේශීය වී වර්ග හඳුනාගෙන ඒවා අලුතෙන් සකස්‌ කරදීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කර තිබේ. මේ වන විටත් කලුහීනටි, බෙහෙත් හීනටි, සූදුරු සම්බා, රත් සුවදැල්, මඩතවාලු, කීරි සම්බා වැනි දේශීය වී වර්ග නිර්මාණය කරමින් ගොවීන් අතර බෙදාදීම සඳහා සුළු ප්‍රමාණයේ බීජ වී සකස්‌කර ඇත. කීරි සම්බා, සූදුරු සම්බා වැනි වී වර්ග අක්‌කරයට වී කිaලෝ 1600 ක පමණ අස්‌වැන්නක්‌ ලබාගත හැක අතර මේ වායේ සහල් වලට හොඳ මිලක්‌ ඇති නිසා ගොවිට පාඩු සිදුවන්නේ ද නැත.
 
 අපේ රටේ මේ වන විට වී නිෂ්පාදනයේ අතිරික්‌තයක්‌ පවතී. මේ වනවිටත් පසුගිය යල කන්නයේ ගොවීන්ගෙන් මිලදී ගත් වී වලින් වී අලෙවි මණ්‌ඩලයේ ගබඩා පිරී ඇත. මේ අතර දැනට මාස්‌ කන්නයේ වී අස්‌වනුද එන්නට පටන්ගෙන ඇත. මෙයින් සනාථ වන්නේ අපේ රටේ අතිරික්‌ත වී ප්‍රමාණයක්‌ නිෂ්පාදනය වන බවයි.
 
 තවදුරටත් ගොවීන්ට රසායනික පොහොර ලබාදීම රජය විසින් ප්‍රතික්‍ෂේපකර ඇත්තේ සුව නොවන මරණය කැන්දන වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් ජනතාව බේරාගෙන ශක්‌තිමත් නිරෝගී ජනතාවක්‌ ප්‍රතිනිර්මාණය කිරීමේ උතුම් අදහස පෙරදැරි කරගෙනය. මේ සඳහා රජය ගොවි ජනතාව අනාථ කර නැත. රසායනික පොහොර දෙනවා වෙනුවට හෙක්‌ටයාරය වපසරියකට කන්නයකට රජය මගින් රුපියල් 12500 ක්‌ ලබාදීමට නියමිතයි. රසායනික පොහොර යොදනවා වෙනුවට මේ රුපියල් 12500 යොදා කාබනික පොහොර නිපදවාගෙන කුඹුරට යොදන්නේ නම් මේ වන විaට මැරී ගොස්‌ ඇති කුඹුරේ පස කන්න දෙක තුනකදී යළි සජීවිකරණයට පත්වන අතරම වකුගඩු රෝගය වැනි මාරාන්තික රෝගද ජනතාවගෙන් ගැලවී යන්නේය. මූලික අරමුණ ලෙඩ රෝග නැති ශක්‌තිමත් නිරෝගී ජනතාවක්‌ ඇති කිරීමය. ආණ්‌ඩුව කුමක්‌ වූවත් මේ රටේ නිරෝගී ශක්‌තිමක්‌ ජනතාවක්‌ ඇතිකොට රට සරුසාර කරන්නට නම් අප විෂ සහිත කෘෂි රසායනික අත්හළ යුතුමය. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »