සම්ප්‍රදායෙන් බැහැර වන අපේ වාදන කලාව

2018-05-17 11:46:00       329
feature-top
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට උරුම වූ කලාවන් අතුරින් නර්තනය හා බෙර වාදනයට සුවිශේෂිත්වයක්‌ හිමිවේ. ඊට හේතු වී ඇත්තේ ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර ආගමික ආකල්ප සමාජ පැවැත්මට ඉවහල් වී ඇති බැවිනි. මේ නිසා ඇතැම් නර්තනය හා බෙර වාදනය දේශීය සංස්‌කෘතිය පිළිබිඹු කෙරෙන කැටපත් ලෙස නම් කරති. නූතනය වන විට මෙම නර්තනය ශීඝ්‍රයෙන් වෙනස්‌ වෙමින් පවතී. විවිධ ලිපි ලේඛනවලින් නර්තනයේ මෙම තත්ත්වය ගැන ඇතැම් විට සාකච්ඡාවට බඳුන් වී ඇත. එහෙත් ශ්‍රී ලාංකේය බෙර වාදන කලාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය සිදු වී නැති තරම්ය.
 
 පසුගිය වකවානුවේ අවුරුදු උත්සව මෙන්ම වෙසක්‌ පොහොය නිමිති කොටගෙන උත්සව රාශියක්‌ පවත්වන ලදී. එහි දී අපගේ උරුමයන් ලෙස සැලකෙන බෙර වාදන කලාව නූතනයේ යොදා ගන්නා ආකාරය පිළිබඳව ඉතා කනගාටුදායක තත්ත්වයක්‌ පවතින බව මනාව පෙනීගිය කරුණකිs. සිංහල ජනයා සුභ කටයුත්තක්‌ ආරම්භ කරන උත්සවයක දී පොල්තෙල් පහන් දැල්වීමේ දී ඊට වාදනයක්‌ වශයෙන් යොදා ගනු ලබන්නේ මඟුල් බෙර වාදනයයි. ඔවුහු ඒ සඳහා හක්‌ පිඹීමද සිදු කරති. එහි දී පළාත් අනුව උඩරට බෙරය, පහතරට බෙරය හෝ දවුල යොදා ගනු ලැබේ. එහෙත් සුභ ගණ අක්‍ෂරවලින් සුසැදි ඇතැයි විශ්aවාස කරන මඟුල් බෙර සඳහා මේ වනවිට යොදා ගනු ලබන්නේ කුමක්‌ හෝ බෙරපද කොට්‌ඨාසයක්‌ය. ආධුනික ශිල්පීන් තමාට වාදනය කළ හැකි කුමක්‌ හෝ බෙර පදයක්‌ ඒ සඳහා වාදනය කරන බව පෙනේ. එසේම ත්‍රිවිධ රත්නය, දෙවියන් උදෙසා කුමන හෝ දවුල් තම්මැට්‌ටම් පදයක්‌ වාදනය කරන අතර හොරණෑවෙන් වාදනය කරනු ලබන්නේ නූතනයේ ප්‍රචලිත වී ඇති ගී තනු, නාද මාලාවන් ය. ඇතැම් විට පිරිත් පිංකම් උත්සව සඳහා සධාතුක කරඬුව, පිරුවානා පොත් වහන්සේ ඉදිරියේ දී වැඩි වශයෙන්a වාදනය කරනු ලබන්නේ වේග රිද්ම ගමන් හේවිසි යෑයි කියා ගන්නා පද කොටස්‌ය. තාලයට ගැළපෙන ගීතයක නාද මාලාවන් හොරණෑවෙන් වාදනය කිරීමේදී මෙම තත්ත්වය වඩාත් භයානක තත්ත්වයට පත්ව තිබේ. පාරම්පරික ශිල්පීන් ගෙන් පැවත එන ඇතැම් ආධුනිකයින්ද මෙම තත්ත්වය අනුගමනයට පෙළඹීම වඩාත් ෙ€දජනකය. ඊට හේතු වී ඇත්තේ ද බෙර වාදන කලාවේ පසුබිම පාරම්පරික ශිල්පීන් අතින් නිර්මාණය වී ඇති සුවිශේෂි පද කොටස්‌ හි උචිත භාවය පිළිබඳ සාමාන්‍ය ජනයා තුළ කිසිදු හැඟීමක්‌ නොමැති වීමය. 
 
 බෙර වාදන කලාව යොදා ගැනීමේ දී ගමන් හේවිසි පූජා පද, තේවා පද, දේව පද, වඩම්මන පද ආදි වශයෙන් තත් කලාව ආශ්‍රිත සුවිශේෂී වාදන කොටස්‌ බිහිව ඇත්තේ අවස්‌ථාවෝචිතවය. ඒවා දිර්ඝ කාලයක්‌ පැවතීමෙන් සම්ප්‍රදායක්‌ ලෙස ගොඩනැඟී ඇත. ඒවා ගුරු කුල වශයෙන් පාරම්පරික ශිල්පීන් අතර පැවත එන අතර විහාර දේවාල ආශ්‍රිතව මෙකී ශිල්පීන්ට නින්දගම් දී ආරක්‍ෂා කර ගෙන ඒaමට පුරාණ කාලයේ පාලකයන් කටයුතු කර ඇත්තේ සමාජ අවශ්‍යතාවක්‌ව පැවති බැවිණි.
 
 ඒ අනුව ආගමික සැරසිලි පෙරහැර තොරණ්‌ භක්‌ති ගී ආදි වශයෙන් සංවිධානය කෙරෙන විවිධ උත්සවයන් හි ශබ්ද පූජා අත්‍යන්aත බැඳීමකින් යුතුව පවතී. එහෙත් මෑත කාලීනව ශබ්ද පූජා ලෙස සිදු කෙරෙන වාදනාංගයන් සම්ප්‍රදායක වත් පිළිවෙත්වලින් දුරස්‌ වී ආගමික ස්‌වරූපයෙන් බැහැරව යමින් පවති. එබැවින් දීර්ඝ කාලින බෞද්ධ සංස්‌කෘතියේ අංගයක්‌ව පැවති ශ්‍රී ලාංකේය බෙර වාදන කලාව නූතන සමාජයෙන් බැහැරව යමින් පවතින හෙයින් ඒ පිළිබඳ කෙටි විමසුමක්‌ කිරීමත් සාමාන්‍ය ජනතාවට මේ පිළිබඳ යම්බදු අවධානයක්‌ යොමු කිරීමෙහි ලා මෙම ලිපිය ඉදිරිපත් කෙරේ. 
 
 ශ්‍රී ලාංකේය ගැමි බෞද්ධ ජනතාව අතර පවතින සම්ප්‍රදායික බෙර වාදන කලාව කෙරෙහි බෞද්ධාගමික ආකල්ප සෘජුවම බලපා තිබේ. සම්ප්‍රදායික උඩරට බෙරය, පහතරට බෙරය, දවුල, තම්මැට්‌ටම, උඩැක්‌කිය ආදි බෙර වර්ග ආශ්‍රිතව පවතින ජන සාහිත්‍යය හා ඒ හා බැඳි ප්‍රායෝගික ශිල්ප ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරිමේ දීs ඒ බව මනාව පැහැදිලි වේ.
 
 ශත වර්ෂ විස්‌සකටත් ඉහත ඉතා ඈත ඉතිහාසයක්‌ ඇති සිංහල සංස්‌කෘතියේ ආරම්භයේ සිට මේ දක්‌වා බෙරය පූජා භාණ්‌ඩයක්‌ වශයෙන් ජන ජීවිතය හා අත්‍යන්ත බැඳීමෙන් යුතුව පැවත ආයේ එය කෙරෙහි ආගමික ආකල්ප ආරෝපණය වීම හේතු කොට ගෙන බව කිව හැකිය. ලාංකේය බෙරය බෝධි සත්වයන් ගේ බුද්ධත්වය සිදුවූ දින දෙවියන් විසින් නිර්මාණය කොට මෙලොවට හදුන්වා දුන් තූර්ය භාණ්‌ඩයක්‌ බවත්a, එහි වාදන ශිල්පය එදිනම දෙවියන් අතින් බිහිවූවක්‌ බවත් ජන සාහිත්‍යයෙහි සඳහන් වේ. බෙරයක්‌ සකස්‌ කර ගැනීමට ගසක්‌ තෝරා බෙරය නිර්මාණය කොට ගෙන එය වාදනය කරන අවස්‌ථා දක්‌වා ක්‍රියාපිළිවෙල බෞද්ධ සංකල්ප ඒ හා බැදි පවත්නා බව බෙර උපත් කථා සාහිත්‍යයෙහි අන්තර්ගත වේ. එබැවින් එකී බෞද්ධ චින්තන ධාරාව බෙරය හා සම්බන්ධ වී ඇති ආකාරය පැහැදිලි කිරිම සඳහා මෙහිලා උත්සාහ කරමි.
 
 ශ්‍රී ලාංකික බෙර භාවිතය පිළිබඳ මූලාශ්‍ර ගත තොරතුරු සඳහන් වන මහා වංශය, ථූප වංශය, දඹදෙනි අස්‌න. දළදා සිරිත සහ සංදේශ කාව්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරිමේ දී බෙරය බහුල වශයෙන් භාවිත වුයේ සිංහල බෞද්ධාගමික කටයුතු සඳහා බව පැහැදිලි වේ. ඒ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්‌දිවට වැඩමවීම, මහා දාඨක මහා නාග රජුගේ ගිරිභණ්‌ඩ පූQජාව, රුවන් වැලි සෑ ධාතු නිධානෝත්සවය සහ දළදා වහන්සේ ඉදිරියේ පැවැත් වු බෙර වාදන මෙහිලා නිදසුන් කොට දැක්‌විය හැකිය. බෙර වාදනය හා සම්බන්ධ චිත්‍ර, මූර්ති හා කැටයම් ද බහුලව හමුවී තිබෙන්නේ පැරණි බෞද්ධාගමික සිද්ධස්‌ථාන වලිනි. ලෝවා මහාපාය, ඉසුරුමුනිය, යාපහුව, ඇම්බැක්‌ක, ගඩලාදෙනිය, නියම්ගම්පාය, දැදිගම ආදි බෞද්ධ සිද්ධස්‌ථානවලින් ඒ බව පැහැදිලි වේ. ශ්‍රී ලාංකේය සමාජයේ බෞද්ධාගමික පුද පූජා චාරිත්‍ර හා බෙර වාදනය අත්‍යන්ත බැඳීමකින් යුතුව පැවති බව මෙකී සාධක මගින් තහවුරු කෙරේ.
 
 වංශ කථා සාහිත්‍යයට අනුව ශ්‍රී ලාංකික බෙර වාදනය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේවා කටයුතු සඳහා දඹදිවින් මෙහි පැමිණි ගාන්ධර්ව කුලයෙන් ආරම්භ වූවකි. එහෙත් මහාවංශය හා සමන්තපාසාදිකාවේ සඳහන් ඇතැම් තොරතුරුවලින් බුදුසමය මෙරටට පැමිණීමට පෙරාතුව කිසියම් අන්දමක තූර්ය වාදන සම්ප්‍රදායක්‌ මෙරට පැවති බව හෙළි වේ. පසුකාලීනව බුදු සමය ලක්‌දිව ව්‍යාප්ත වීමේ දී මෙහි පැවති තූර්ය වාදනය බෞද්ධ ආකල්ප අනුව හැඩගැසුණුq බව පෙනේ. ඒ අනුව බෞද්ධාගමික පුද පුජාවන්ට බෙර වාදනය යොදා ගැනීම නිසා එකී ශිල්පය සමාජයේ නොමඳ ගෞරවයට ද පාත්‍ර විය. ක්‍රි.ව. 5 වැනි සියවස වන විට තෙරුවන්ට පූQජා පිණිස තූර්ය වාදන පැවැත්වීම උලාර පූජා හෙවත් මහා පූජා ගණයෙහි ලා භික්‍ෂු සමාජය පිළිගෙන ඇත්තේ මේ නිසාය. ක්‍රි(ව( 8 වන හා 9 වන සියවස්‌වල දී මෙරට සම්භාවිත සියලු තූර්ය භාණ්‌ඩ පංචතූර්ය ගණයෙහි ලා දැක්‌වීමට තරම් බෞද්ධ භික්‍ෂුන්a වහන්සේලා උනන්දු වීමෙන් එහි ආගමික සම්බන්ධතාව වඩාත් ප්‍රකට කෙරේ. එහෙත් බෙර වාදනය බෞද්ධාගමික ආකල්පවලින් පෝෂණය වූ කාලසීමාවන් වෙන්කොට විග්‍රහ කර දැක්‌වීම අපහසු වේ. මක්‌නිසාදැයි කිවහොත් සියවස්‌ ගණනක්‌ මුළුල්ලෙහි ජීවත් වූ බෞද්ධ ජනතාවගේ සිතුම් පැතුම් සහ ඔවුන්ගේ සංස්‌කෘතික පරිසරය බෙර වාදනය කෙරෙහි බලපා ඇති හෙයිනි.
 
 බෙර වාදනය බෞද්ධාගමික රාමුවට ඇතුළත් කර ගැනීමේ දී සිංහල බුද්ධාගම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වු විවිධ බෞද්ධ සංකල්ප ඒ හා සම්බන්ධ කර ගැනීම සිදුවිය. බෙරයට බුදුන් සහ දෙවියන් සම්බන්ධ කොටගෙන උසස්‌ තත්ත්වයක්‌ ආරෝපණය කර එය සිංහල බෞද්ධ සමාජයේ පූජා භාණ්‌ඩයක තත්ත්වයට පත් කිරීමට ගැමි බෞද්ධයන් උත්සාහ කොට තිබේ. ලාංකික වත් පිළිවෙත්වලදී බුදුන් දෙවියන් හා යක්‍ෂයන් ගේ බලය පවත්නා ආකාරයට අනුව එය තලව් කීපයක්‌ යටතේ වෙන්කොට දැක්‌විය හැකිය. ඒ අනුව ඉහළම ස්‌ථරයේ බුදුන් වැඩ සිටින අතර ඊට පහළ ස්‌ථරයන් හි පිළිවෙලින් මහේශාක්‍ය, අල්පේශාක්‍ය දෙවිවරුද, යක්‍ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ ආදීන් ද සිටින බව පිළිගැනේ. බෙර වාදනය සිංහල බුද්ධාගමේ පූජා චාරිත්‍රයන්ට ඇතුළත් කර ගැනීමේ දී බුදුන් සහ දෙවියන් පිළිබඳව ගැමි සමාජයේ දක්‌වන ආකල්ප බෙර උපත් කථා සාහිත්‍යයෙන් පෙනේ. දෙවියන්ද බුදුන් ගෙන් වරම්ගත් පිරිසක්‌ ලෙස සැලකෙන බැවින් ඔවුන්ද බෙර උපත් කථා සාහිත්‍යයට සම්බන්ධ වේ. ඒ හා සම්බන්ධ ඇතැම් දෙවිවරුන් බෝධිසත්ව වශයෙන් සිංහල බුද්ධාගමේ පෙනී සිටින පිරිසකි. මේ නිසා විෂ්ණු, නාථ, කතරගම, පත්තිනි වැනි හින්දු ආගමික දෙවිවරුන් ශාන්ති කර්ම වත් පිළිවෙත්වලදී බෞද්ධ දේව පිරිසක්‌ වශයෙන් පිළිගෙන පුද පූජා පවත්වතිs. විෂ්ණු දෙවියන් බුද්aධ ශාසනය ආරක්‍ෂා කරන මතු බුදුවන දෙවි කෙනෙකු වශයෙන් සැලකේ. නාථ දෙවියෝ මෛත්‍රී නමින් මතු බුදුවීමට පෙරුම්පුරන බෝධිසත්ව කෙනෙකු වශයෙන් සිංහල බෞද්ධ ජනතාව පිළිගනී. පත්තිනි දෙවියන් පිරිමි ආත්මයක්‌ ලබා මතු බුදුවීම සඳහා පෙරුම් පුරන්නියකි. සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව ඇය බෝධිසත්ව දෙවඟනකි.
 
 මෙවැනි දේව සංකල්ප බෙරය හා එහි වාදනයට සම්බන්ධ කිරීමෙන් පෙර වාදනය බෞද්ධ සංස්‌කෘතික සම්ප්‍රදායට අනුව හැඩ ගැසූ වාදන ශිල්පයක්‌ බවට පත්කර ඇති බව පෙනේ. එකී තත්ත්වය බෙර උපත් කථා සාහිත්‍යය හා බෙර වාදන ශිල්ප ක්‍රම තුළ විද්‍යමාන වන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වේ. 
 
 බෙර උපත හා සම්බන්ධ ජන සාහිත්‍යයට අනුව බෙරය ප්‍රථමයෙන් ම වාදනය කොට තිබෙන්නේ බෝධි සත්වයන්ගේ බුද්ධ මංගල්‍යයටය. ඒ බව උඩරට, පහතරට බෙර, දවුල, තම්මැට්‌ටම, රබාන හා උඩැක්‌කියේ උපත් කථා සාහිත්‍යයෙන් හෙළිවේ. ආගමික පූජාවක්‌ වශයෙන් බෙර වාදනය යොදා ගන්නා අවස්‌ථාවන් හි එකී ජන සාහිත්‍යය බෙර වාදකයන් විසින් ගායනා කිරීම සම්ප්‍රදායයි. උඩරට හා පහතරට මඟුල් බෙර වාදනය කිරීමට ප්‍රථම ගායනය කරනු ලබන පහත සඳහන් පද්‍ය එකී කරුණ මැනවින් සනාථ කරයි. 
 
 සපුරා සද පෙරුමන් බලයෙන් අපෙ මුණි රජ දස බිම්බර බිදුවා
 
 විදුරා සත පිට වැඩ හිඳ දෙව් බඹ කළ නෙක තුති ගොස පුද ලැබුවා
 
 එවරා ගඳඹය තෙගව් පමණ බෙර උරෙහි දරාගෙන විත් ගැසුවා
 
 ඉ»රා දිගසිට ගඳඹය මුනි»ට මෙපද ගසමින් නම් කෙරුවා
 
 මෙම කවිය උඩරට හා පහතරට බෙර වාදන සම්ප්‍රදායන් දෙකේ ම භාවිත වන්නකි. එයින් උඩරට හා පහතරට බෙරයේ උපත, බුද්ධත්වය හා සම්බන්ධ කිරීමට බෙර වාදක ශිල්පීන් ගත් උත්සාහය හෙළි කෙරේ. මේ හැරුණු කොට දවුල, තම්මැට්‌ටම, උඩැක්‌කිය හා රබාන යන අවනද්ධ භාණ්‌ඩයන් ගෙන් උපත් කථා පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වන්නේ එකී ජනශ්‍රැතිssයද බුද්ධ සංකල්පය බලපා ඇති බව පෙනෙන හෙයිනි.
 
 දවුල් උපත පිළිබඳව ජන සාහිත්‍යයෙන් හෙළි කරන්නේ ද එය බුදුන් වහන්සේ ගේ බුද්ධත්වය වෙනුවෙන් වාදනය කිරිම සඳහා නිර්මාණය කොට ගත් තූර්ය භාණ්‌ඩයක්‌ බවයි. ඒa පිළිබඳ ව පාරම්පරික දවුල් වාදකයින් අතර පවතින කියමනක මෙසේ සඳහන් වේ. 
 
 උත්තම මුනි බුදු වන දා - සියලු මැවිලි මැවු එදා
 
 විගසට සුභ මොහොත යොදා - දවුලට කඳ කැපූ එදා
 
 මේ අනුව පැහැදිලි වන්නේ දවුලේ උපතටද බුදුන් හා දෙවියන් සම්බන්ධ කර ගනිමින් එය බෞද්ධ තූර්ය භාණ්‌ඩයක්‌ බවට පත්කොට ගෙන ඇති බවයි.
 
 තම්මැට්‌ටමේ උපත පිළිබඳව කියෑවෙන ජනශ්‍රැතියට අනුව එය මහමුනි නම් ඉසිවරයාගේ ශරීරයේ කොටස්‌වලින් නිර්මාණය කොටගත් භාණ්‌ඩයකි. එය වාදනය සඳහා යොදා ගන්නා කඩිප්පු මහමුනිගේ නහරවලින් උපන්නේය. මෙකී භාණ්‌ඩය මුලින්ම වාදනය කොට ඇත්තේ ගාන්ධර්ව නම් දිව්‍ය පුත්‍රයා ය. ඒ බව වාදන උපත නම් කවි පන්තියේ මෙසේ දැක්‌වේ.
 
 මා මුනි ඉසිවරා - නෙර්ත පලකළ ඇදුරා
 
 තම්මැට්‌ටම දරා - ගාන්ධර්වය තාල ඇදුරා
 
 උඩැක්‌කියේ උපත ද බුද්ධ මංගල්‍ය දින සිදුවූවක්‌ බව ජනශ්‍රැතියේ දැක්‌වේ. ඒ පිළිබඳ යාග සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙසේය.
 
 සිටි විදුරසින් පිට - බුදුන් බුදු වෙන මඟුලට
 
 උඩැක්‌කිය ගෙනතට - වාද තෝරා ගැසිය සිව්සැට
 
 පෙර බුදු මඟුලට ගැසු උඩැක්‌කිය 
 
 ඒ බුදු මඟුලට ගැසු උඩැක්‌කිය
 
 සතරවරම් දෙවි සැවොම සාක්‌කිය
 
 ගුරුනි දෙවන් මට බුද්ධ උඩැක්‌කිය
 
 මේ අනුව පැහැදිලි වන්නේ උඩැක්‌කියද බෞද්ධ ගූණවලින් පෝෂණය වූ පූජා භාණ්‌ඩයක්‌ වශයෙන් පිළිගෙන ඇති බවයි.
 
 "එකැස්‌ බෙරය" නමින් හඳුන්වන රබානේ උපතද බෞද්ධ ලක්‍ෂණවලින් පෝෂණය වී තිබෙන්නකි. රබානේ උපත පිළිබඳ ජනශ්‍රැතියේ සඳහන් වන තොරතුරු බෝහෝය.
 
 පත්වුණි සිරිමා බෝමුල අපෙ මුණි»න් එබුදු බවට
 
 නික්‌මුණි බඹ අසුර සුරන් එතැන කරන ජය පුදයට
 
 එක්‌වෙති තුරු ගොසම පළමු ගත්ත එකැස්‌ බෙරය අතට
 
 පස්‌වෙනි වර වඳිනා අත "රිං ගත්තක්‌" වේ මෙලෙසට
 
 රබානේ වසන දෙවියන් අතර හිරු දෙවියෝ ද රාම ශ්‍රි නම් දේවතාවාද පට්‌ටිඅගාර දේවතාවාද විරාක්‍ෂ දේවතාවාද වෙති.
 
 බෙර උපත් කථා සාහිත්‍යය බෞද්ධ ආකල්පවලින් පෝෂණය වීමේදී බුදුන් වහන්සේ පමණක්‌ නොව සිංහල බෞද්ධයන්ගේ පුද පූජා ලබන දෙවිවරුද සම්බන්ධ කර ගෙන ඇති බව ඉහත සඳහන් කරන ලද තොරතුරුවලින් ගම්‍යමාන වේ.
 
 ශ්‍රී ලාංකික බෙර වාදන කෙරෙහි බෞද්ධ ලක්‍ෂණ බලපා ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එකී ලක්‍ෂණ බෙර උපත් කථා සාහිත්‍යයට පමණක්‌ සීමා නොවන බව පෙනේ. බෙරයෙන් උපදින නාදයන් ද බෞද්ධ සංකල්පවලින් පෝෂණය වී ඇති බව බෙර අක්‍ෂර උපත හා බැඳි ජනශ්‍රැතිවලින් හෙළි වේ. 
 
 ශ්‍රී ලාංකික බෙර වාදනයේ පදනම වශයෙන් සැලකෙන මූලික නාද හෙවත් බෙර අක්‍ෂර සතරක්‌ වෙයි. බීජාක්‍ෂර නමින් හැඳින්වෙන එකී අක්‍ෂරය තත්, ජිත්, තොං, නං නමින් ප්‍රචලිත ය. මේවායේ උපත පිළිබඳව කියෑවෙන ජන සාහිත්‍යයෙන් දැක්‌වෙන්නේ "තත්" යන නාදය බුදුන්ට නමස්‌කාර පිණිසත් "ජිත්" යන නාදය දෙවියන්ට නමස්‌කාර පිණිසත් මුලින්ම වැයූ බවය.
 
 තත් කී අකුර මුනිඳුට නමස්‌කාරෙ කී
 
 ජිත් කී අකුර දෙවි»ට නමස්‌කාරෙ කී
 
 තොං කී අකුර ගුරු හට නමස්‌කාරෙ කී
 
 නං කී අකුර සබයට නමස්‌කාරෙ කී
 
 මෙම අක්‍ෂර සතර මූලික කොටගෙන බිහිව ඇති බෙර වාදන ශිල්පය මූලික පද දෙසීය සොළොසකින් සැදුම් ලද්දකි. එකී පද සංකල්පය පිළිබඳව ජන සාහිත්‍යයේ මෙසේ සඳහන් වේ.
 
 තිස්‌ දෙකක්‌ තාලන් - සූ සැටක්‌ පමණ සව්ද න් 
 
 විසි එකක්‌ සුරලින් - ගැසු පසලොස්‌ වන්දමාන න්
 
 සොළොසක්‌ දැකුම් අත් - සත්විසි පොඩි සුරල් අත්
 
 සතළිස්‌ අඬ පදත් - ගැසූ මෙරුඟුම් දෙසිය සොළො සත්
 
 මේ අනුව තාලම් තිස්‌ දෙකක්‌, සව්දම් හැට හතරක්‌, සුරල් විසි එකක්‌, වන්දමානම් පහළොවක්‌, දැකුම් අත් දහසයක්‌, පොඩි සුරල් විසි එකක්‌ සහ අඟ පද හතළිහක්‌ බෙර වාදන ශිල්පයට අයත් වේ. මෙකී වාදන අංග එක්‌තරා ප්‍රමාණයක සමානත්වයකින් යුක්‌තව භාවිතයේ පවතින ශිල්පීය කොටස්‌ බව කිව යුතුය. ප්‍රථමයෙන් ඒa ඒ වාදන අංගය, හඳුන්වා දීමේ පැදියක්‌ සකස්‌ වී ඇති අතර අනතුරුව වාදනයට යොදා ගැනෙන බෙර අක්‍ෂර රචනයකින් යුක්‌ත ය. මෙම කොටස්‌ දෙක පාරම්පරික ශිල්පීහු "කවිය හා පදය" යනුවෙන් හඳුන්වති. මෙහි සඳහන් පාලි, සංස්‌කෘත, සිංහල, ද්‍රවිඩ ආදී වචන හා අවනද්ධ අක්‍ෂර මිශ්‍රව ප්‍රබන්ධ වී තිබෙන බව කිව හැකිය. එම කොටසින් කිසිදු අදහසක්‌ ජනිත කරවන බවක්‌ නොපෙනේ. ඒ නමුදු කවිය නමින් හැඳින්වෙන කොටසින් බෝධි සත්ත්වයන්ගේ ආත්ම භාවයන් හා උන්වහන්සේ බුද්ධත්වයට පැමිණීම පිළිබඳව සඳහන් වන නිසා බෝධිසත්ත්ව සංකල්පයද බෙර වාදන ශිල්පය හා සම්බන්ධ කොටගෙන ඇති බව කිව හැකිය. ලාංකික බෙර වාදනයේ එන අටකට්‌ට හා තාලම් තිස්‌ දෙකට අයත් ඇතැම් ගායන කොටස්‌වලින් බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පෙරුම් පිරූ ආත්ම පිළිබඳව කියෑවේ. සුමන තාලම, විභීෂණ තාලම, නාථ තාලම, ගණපති තාලම, ආදී තාලම්වලින් පිළිවෙළින් වි»ර පඬි, ගුත්තිල පඬි, මහසේන පඬි, මහෞෂධ පඬි නමින් ඉපිද සිටි ආත්ම පිළිබඳව සඳහන් වේ. මේ හැරුණුකොට සාම කුමරු, දහම්සොඬ රජ, ධර්මපාල කුමරු සහ මහීසක කුමරුව සිටි බවද තාලම්වලට අයත් පද්‍යවල අන්තර්ගත වේ. මෙවැනි තොරතුරුවලින් අනාවරණ වන්නේ බෝධි සත්ත්ව ආත්මයන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ප්‍රවෘත්තීන්ද, බෙර වාදනය හා සම්බන්ධ කොට ගෙන ඇති බවයි. එකී ප්‍රවෘත්තීන් බෙර වාදනයේ ශිල්පීය කොටස්‌ හා සම්බන්ධ කොට ගැනීමේ දී දෙවියන් පිළිබඳව සිංහල බුද්ධාගමේ ඇති සංකල්පද ඒ හා සම්බන්ධ කොටගෙන ඇති ජන සාහිත්‍යයක්‌ ගොඩනඟා ගෙන ඇත. ඒ බව සඳහන් තොරතුරුවලින් අනාවරණය කෙරේ. තාලම්, සව්දම්, වැ»ම් අත්, දැකුම් අත් යන වාදන අංගයන්ට අයත් කොටස්‌ කීපයක්‌ නිදසුන් වශයෙන් පහත දැක්‌වේ.
 
 තාලම් 
 
 එදා මරු බිඳ බුදුව වැඩ හිඳ බෝමුලේ විදුරාසනේපි ට
 
 සදා ගත් බෙර තෙගව් පමණින් ගදඹ ජයගොස පතුරුවන්න ට
 
 පුදා මුනිඳුට මිණි පහන් දිව මල්ද නා නා පසඟතුරු කො ට
 
 එදා එතනද දෙවෙනි ගැසුවේ භේරි තාලම ගදඹ මෙලෙස ට
 
 එසේම දළදා සව්දම, සිරිමා බෝධි සව්දම, ශ්‍රීපාද සව්දම, බුද්ධරත්න සව්දම, සංඝරත්න සව්දම, ආදී වශයෙන් බෞද්ධ සිද්ධස්‌ථාන හා ත්‍රිවිධ රත්නය වෙනුවෙන්ද වාදන කොටස්‌ නිර්මාණය කොට තිබීමෙන් බෙර වාදනයේ ශිල්පීය කොටස්‌වලටද බෞද්ධාගමික මුහුණුවරක්‌ දී ඇති බව මනාව පැහැදිලිය.
 
 අද්‍යතන යුගය වන විට බෞද්ධ පුද පූජාවන් හා සම්බන්ධ වී ඇති වාද්‍ය භාණ්‌ඩ වන්නේ දවුල සහ තම්මැට්‌ටම යන බෙර විශේෂයන්ය. මේ බෙර විශේෂයන් සමඟ උඩරට ප්‍රදේශයේ පැවැත්වෙන බෞද්ධ වත් පිළිවෙත්වල දී ගැට බෙරයත් පහතරට ප්‍රදේශයේ පැවැත්වෙන බෞද්ධ වත් පිළිවෙත්වල දී පහතරට බෙරයත් ප්‍රධාන තැනක්‌ ගනු ලැබේ. මේ හැරුණු විට රබානද පහතරට ප්‍රදේශයේ ආගමික වත් පිළිවෙත් හා බැඳි තූර්ය භාණ්‌ඩයකි. රබාන යොදා ගනිමින් රබන් හේවිසිය නමින් ශබ්ද පූජාවක්‌ පහතරට විහාරස්‌ථානවල පැවැත්වු බවට සාධක ඇත. මුල්කිරිගල රජමහා විහාරස්‌ථානයේ වසර තිස්‌ දෙකක්‌ වෙසක්‌ දිනවල දී රබන් හේවිසිය අඛණ්‌ඩ වශයෙන් පවත්වා ඇත.
 
 ශ්‍රී ලාංකික බෙර වාදන අවස්‌ථා අතරින් "හේවිසි" නමින් හඳුන්වනු ලබන තූර්ය වාදන පූජාව බෞද්ධ පූජා විශේෂයක්‌ වශයෙන් වැදගත් තැනක්‌ ගනී. මේ සඳහා දවුල, තම්මැට්‌ටම යන අවනද්ධ භාණ්‌ඩ මෙන්ම හොරණෑව, හක්‌ ගෙඩිය යන සුසිර භාණ්‌ඩද උපයෝගී කරගනු ලැබේ. බුදුන් වහන්සේ කෙරෙහි අසීමිත භක්‌තියෙන් කෙරෙන මෙවැනි ශබ්ද පූජා පවත්වනු ලබන්නේ ඒ සඳහා වෙන්වූ භේරි වාදන ශිල්පීන් විසින් ය. ඔවුන් සැලකෙන්නේ පාරම්පරිකව පැවත එන ශිල්පීන් හැටියටය. මේ පාරම්පරික භේරි වාදකයන් තමන්ට නියමිත නිශ්චිත කාල වේලාවන්හි ඒ ඒ විහාරස්‌ථානයන් හි බුද්ධ ප්‍රතිමා ඉදිරියේ එකත්පස්‌ ව සිට භක්‌ති පූර්වක ව මෙකී වාදන පූජා පැවැත්වීම ඔවුන්ගේ සම්ප්‍රදාය වේ. අලුයම් තේවය, නව පැය තේවය, හැන්දෑ තේවය, යනුවෙන් මෙය දවසේ තුන්යම් වේලෙහි දෛනිකව පැවැත්වීම පාරම්පරික සිරිතයි. මේ හැරුණුවිට ත්‍රිවිධ රත්නය විෂයෙහි පුදපූජා පවත්වන අවස්‌ථාවන් හි වාදනය කෙරෙන පද කොටස්‌ "පූජා හේවිසි" නමින් හැඳින්වේ. පෝය ලැබු වේලාවේ සිට පෝය ගෙවෙන වේලාව දක්‌වා අඛණ්‌ඩව පවත්වන හේවිසිය "පෝය හේවිසිය " නමින් හැඳින්වේ. එකී පෝය හේවිසි ආරම්භ කිරීම සඳහා බුදුන් වෙනුවෙන් සන්න, ශ්ලෝක ගයා අනතුරුව වයනු ලබන විශේෂිත පද කොටසක්‌ ද වේ. එහි දී හේවිසි පිරීමට අයත් පද කොටස වයා අනතුරු ව "චලිනඩය" නම් වූ පද සංයෝගය වයනු ලැබේ. මෙහි චලිනඩය යනු හේවිසි වැයීමේ දී එය වාදනය කරනු ලබන තිත හඳුන්වා දීම සඳහා වයනු ලබන පද ඛණ්‌ඩයන් ය. මේ සඳහා වශයෙන් අද්‍යතන යුගයේ වාදනය කරන චලිනඩයක්‌ මෙසේය.
   
 bera2
පිරිත් හා ධර්ම දේශනා වැනි බෞද්ධාගමික වත් පිළිවෙත්වල දී බුදුන් වහන්සේ ධර්මය හා ශ්‍රාවකයන් නියෝජනය කිරීම උදෙසා පිළිවෙලින් කරඬුව පිරුවානා පොත් වහන්සේ සහ මහා සංඝරත්නය වැඩම වීමත් සම්ප්‍රදාය වන්නේ ය. එවැනි අවස්‌ථාවන්වල දී වාදනය කෙරෙන ගමන් හේවිසි, වඩම්මන පද, පූජා පද වැනි ශිල්පීය කොටස්‌ය. මේ කොටස්‌ නිර්මාණය වී තිබෙන්නේ ත්‍රිවිධ රත්නය හා බෙර වාදන අතර සම්බන්ධය පිළිබිඹු කිරීම සඳහා බව පෙනේ.
 
 තවද, දළදා මාළිගාවේ පවත්වන අඹරා හේවිසිය, ගමන් හේවිසිය, තේවා හේවිසිය, පූජා හේවිසිය සහ පෝය හේවිසිය යන වාදන අවස්‌ථාවන් "හේවිසි පහේa හේවිසිය" යන විශේෂ නාමයකින් හඳුන්වනු ලැබේ. දවුල සහ තම්මැට්‌ටම යොදා ගනිමින් පවත්වනු ලබන හේවිසි වාදනය හැරුණුකොට එක්‌ බෙර වර්ගයක්‌ පමණක්‌ යොදා ගනිමින් බෙර පෝය හේවිසි පවත්වනු ලැබේ. ඒ අනුව "උඩරට බෙර පෝය හේවිසි" (උඩරට ප්‍රදේශය) "පහතරට බෙර පෝය හේවිසි" (පහතරට ප්‍රදේශය) "දවුල් පෝය හේවිසි" (සබරගමු ප්‍රදේශය) සහ "රබන් පෝය හේවිසි" (පහතරට ප්‍රදේශයේ අත් රබන්) ආදී වශයෙන් මේ පූජා වාද්‍යයන් ප්‍රචලිතය. මෙකී පෝය හේවිසි හැට පැය, තුන් තිස්‌ පැය ආදී වශයෙන් දීර්ඝ වේලාවක්‌ මුළුල්ලෙහි පවත්වනු ලබන ශබ්ද පූජාවන්ය. මේ තොරතුරු මගින් පැහැදිලි වන්නේ ලාංකික බෞද්ධ පුද පූජා වෙනුවෙන් නිර්මාණය කොටගත් සාම්ප්‍රදායික මෙන්ම ශාස්‌ත්‍රීයමය වූ වාදන ශිල්ප ක්‍රමයක්‌ ශ්‍රී ලාංකික සමාජය සතුව පවතින බවයි. 

ප්‍රාදේශීය පුවත්
ආබාධිත යුද සෙබළ සෙබළියන්ගේ වට්‌ටක්‌කා අස්‌වැන්නට ගිය කල 
May 17 2018 00:00Hits 2334
 ආබාධිත යුද සෙබළ සෙබළියන්ගේ වට්‌ටක්‌කා අස්‌වැන්නට ගිය කල එළවළු මිල ගණන් අනුව මේ දිනවල වෙළෙඳ පළේ වට්‌ටක්‌කාවලට අත්ව ඇති ඉරණම ශෝක ජනකය. මේ වට්‌ටක්‌කා කතාව ඊටත් වඩා ශෝක ජනකය. කිලෝවක්‌ රුපියල් පහකටවත් විකුණා ගත නොහැකි වට්‌ටක්‌කා...
පේරාදෙණිය සරසවියේ පුස්‌කොළ පොත් සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය විවෘත වෙයි 
May 17 2018 00:00Hits 92
 පේරාදෙණිය සරසවියේ පුස්‌කොළ පොත් සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය විවෘත වෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්‌කොළ පොත් සංරක්‌ෂණය කිරීමේ නව ක්‍රමවේදයට අනුව සංරක්‌ෂණ මධ්‍යස්‌ථානය විවෘත කිරීම උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15 දා) සිදුවිය. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පුස්‌කොළ පොත්...
සිසුවියන් දෙදෙනාගේ ගුටි කෙළියෙන් අයෙක්‌ රෝහලේ
May 17 2018 00:00Hits 1486
 සිසුවියන් දෙදෙනාගේ ගුටි කෙළියෙන් අයෙක්‌ රෝහලේ දඹුල්ල නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක සිසුවියන් දෙදෙනකු අතර ඊයේ (16 වැනිදා) දහවල් ඇති වූ ගුටිබැට හුවමාරුවකින් පසු එක්‌ සිසුවියක තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එකොළොස්‌...
9 හැවිරිදි දැරියකට අතවර කළැයි 49 හැවිරිදි අයෙකු අත්අඩංගුවට 
May 17 2018 00:00Hits 219
වයස අවුරුදු 9 ක්‌වූ පාසල් සිසුවියකට ලිංගික අතවර කළැයි 49 හැවිරිදි අයෙකු බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය පියා සමඟ වාසය කරන බව පොලිසිය...
මහරගම නගර සභාවට පත්වූ 23 දෙනාට එරෙහි නඩුව විභාගයට - 23 දෙනාටම උසාවි එන්නැයි නොතීසි 
May 17 2018 00:00Hits 100
මහරගම නගර සභා මැතිවරණය ස්‌වාධීන (අංක 2) කණ්‌ඩායමෙන් තරග කොට තේරීපත්වූ 23 දෙනාම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බැවින් ඔවුනට මන්ත්‍රීධුර දැරීමට නීතියෙන් අයිතියක්‌ නැතැයි කියා සිටිමින් ගොනු කර තිබූ පෙත්සමක්‌ විභාග...
මහනුවර උමං මඟෙහි ගමනාගමනය අත්හිටුවයි 
May 17 2018 00:00Hits 152
ගල් සහිත පස්‌ කඳු කඩා වැටීමත් අභ්‍යන්තරයේ අබලන් තත්ත්වයත් සැලකිල්ලට ගෙන මහනුවර අනිවත්ත උමඟ රථවාහන සහ මහජන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කළ බව මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා බදාදා (16දා)...
පෞද්ගලික බස්‌ රජවෙලා බස්‌නාහිර මාර්ග රැසක ලංගමට ඉඩක්‌ නෑ 
May 17 2018 00:00Hits 162
කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන බස්‌ මාර්ග 44 ක ශ්‍රීලංගම බස්‌ ධාවනයට පෞද්ගලික බස්‌ හිමියන් ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය. මීට අමතරව ගම්පහ සහ කළුතර දිස්‌ත්‍රික්‌කවල මාර්ග...
ශ්‍රී සදානන්ද පිරිවෙනේ හිමිවරු සහ සිසුහු 45ක්‌ ආහාර විෂ වී රෝහලේ 
May 17 2018 00:00Hits 337
 ශ්‍රී සදානන්ද පිරිවෙනේ හිමිවරු සහ සිසුහු 45ක්‌ ආහාර විෂ වී රෝහලේ මරදන්කඩවල පෙරියකුලම ශ්‍රී සදානන්ද පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ, ආචාර්ය හිමිවරුන් දිවා දානය වැළඳීමෙන් පසු සහ ගිහි සිසුන් ආහාර අනුභව කිරීමෙන් පසු සිදුවූ බව කියන ආහාර විෂවීමකින් පෙරේදා (15...
ගෙවල් බිඳලා කවිපොත් ගහලා...· 
May 17 2018 00:00Hits 423
ඇහැලියගොඩ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවෙසවලට රිංගා ලක්‍ෂ 15 ක්‌ පමණ වටිනා රත්‍රං බඩු, මුදල් හා බැංකු මුදල් ගැනීමේ කාඩ් පත් (ඒටීඑම්) සොරකම් කර පොලිසියට කට්‌ටි පනිමින් සිටි පුද්ගලයකු ඇහැලියගොඩ...
ලෝකයේ පළමු ගව අනාථාගාරයේ ගවයන්ට තණ කොළවලින් සංග්‍රහයක්‌ 
May 17 2018 00:00Hits 677
 ලෝකයේ පළමු ගව අනාථාගාරයේ ගවයන්ට තණ කොළවලින් සංග්‍රහයක්‌  ලෝකය ප්‍රථම සහ එකම ගව අනාථාගාරය ඇත්තේ ශ්‍රී ලංකාවේය. එය පිහිටා ඇත්තේ ඌව පළාතට අයත් සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කොවුල්ආර ප්‍රදේශයේය. 2007 වසරේ මෙය ආරම්භ කරන ලද්දකි. ඇඹිලිපිටිය හිඟුරආර ශ්‍රී...


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »