ශිෂ්ටා­චා­රයේ දිශා­න­තිය වෙනස් කළ පුරාණ දැදුරු ඔය නිම්නයේ මිනිස්සු

2018-12-04 11:32:00       58
feature-top
ක්‍රිස්තු පූර්ව අව­සා­න­භා­ගය වන විට දැදුරු ඔය ආශ්‍රි­තව බිහි වුණු අම්බ­ට්ඨ­කෝළ නම් ජන­ප­ද­යක් පිළි­බඳ තොර­තුරු සඳ­හන් වේ. දුටු­ගැ­මුණු රාජ්‍ය කාල­යේදී එම ජන­ප­දයේ පිහිටි ගුහා­ව­කින් රිදී ලැබුණු බව දක්වා ඇත. ආම­ණ්ඩ­ගා­මණී රජු (ක්‍රිව 19-20) විසින්, රජත ලෙන විහා­රය නමින් හඳු­න්වන වර්ත­මාන රිදී විහා­රය මෙම ස්ථානයේ කර­වන ලදී. ක්‍රිපූ 2 වන සිය­වසේ සිට ක්‍රිව 8 වන සිය­වස තෙක් කාල­යට අයත් සෙල් ලිපි ගණ­නා­වක්ම වර්ත­මාන රිදී විහා­රය ආශ්‍රි­ත­වත්, අවට ප්‍රදේ­ශ­යේත් තිබී­මෙන් පැහැ­දිලි වන්නේ අනු­රා­ධ­පුර මුල් යුගයේ සිටම මෙහි ජනා­වාස ව්‍යාප්තව පැවති බවය.

* පුරා­ණම වාරි­ක­ර්මාන්ත විධි­මත් ලෙස සංව­ර්ධන කරන්නේ මහ­සෙන් රජ සමයේ...
* ජනා­වා­ස­ක­ර­ණය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව යුග­යේදී...
* දැදුරු ඔය නිම්නය පුරාණ කර්මාන්ත පුර­යක්...

වී ගොවි­තැන ප්‍රධාන කෘෂි කර්මා­න්තය කර­ගත් ලංකාවේ පුරාණ ජන­තාව (සිරි­වීර, 1994, 38) එම කට­යුතු වඩාත් පහ­සු­වෙන් කර­ගැ­නීම පිණිස තම ජනා­වාස ගංගා­ශ්‍රි­තව පිහි­ටු­වා­ගත්හ (මහා­වං­සය, vii, 43-44). අතී­ත­යේදී ජජ්ජර නදිය (මව, lxviii, 16) ලෙසින් හැඳි­න්වුණු දැදුරු ඔය ආශ්‍රි­ත­වද මෙලෙස පැරණි ජනා­වාස පැවති බවට සාධක සොයා­ගෙන තිබේ. විශේ­ෂ­යෙන්ම ජනා­වාස පැති­රී­යාම සම්බ­න්ධ­යෙන් තොර­තුරු ලබා­ගත හැකි ක්‍රිපූ 2 - ක්‍රිව 2 අතර කාල­යට අයත් ශිලා ලේඛන දැදුරු ඔය නිම්නයේ ස්ථාන ගණ­නා­ව­කින් හමු වී ඇත (Ic,Vol.1, 954, 962) මේ ලිපි­ව­ලින් අනු­රා­ධ­පුර මුල් යුගයේ මේ ප්‍රදේ­ශයේ පැවති සමාජ තත්ත්වය පිළි­බඳ තොර­තුරු ලබා­ගත හැකිය.

ප්‍රදේ­ශයේ පෞරා­ණික ශිලා ලේඛන කිහි­ප­යක අඹ­න­ගර (එම), අඹ­තොට (එම, 889), මුක­ළු­ගම (එම, 925) හා නෙල­ගම (එම, 884) යන ස්ථාන නාම සඳ­හන් වේ. මෙවැනි ග්‍රාම නාම­ව­ලින් පැහැ­දිලි වන්නේ ඒ වන විට මෙම නිම්නයේ ස්ථාවර ජනා­වාස බිහිව තිබුණු බවය. ක්‍රිස්තු පූර්ව අව­සා­න­භා­ගය වන විට දැදුරු ඔය ආශ්‍රි­තව බිහි වුණු අම්බ­ට්ඨ­කෝළ නම් ජන­ප­ද­යක් පිළි­බඳ තොර­තුරු සඳ­හන් වේ. දුටු­ගැ­මුණු රාජ්‍ය කාල­යේදී එම ජන­ප­දයේ පිහිටි ගුහා­ව­කින් රිදී ලැබුණු බව දක්වා ඇත (මව, xxviii, 20-35). ආම­ණ්ඩ­ගා­මණී රජු (ක්‍රිව 19-20) විසින්, රජත ලෙන විහා­රය නමින් හඳු­න්වන වර්ත­මාන රිදී විහා­රය මෙම ස්ථානයේ කර­වන ලදී (එම, xxxv, 4). ක්‍රිපූ 2 වන සිය­වසේ සිට ක්‍රිව 8 වන සිය­වස තෙක් කාල­යට අයත් සෙල් ලිපි ගණ­නා­වක්ම වර්ත­මාන රිදී විහා­රය ආශ්‍රි­ත­වත්, අවට ප්‍රදේ­ශ­යේත් තිබී­මෙන් පැහැ­දිලි වන්නේ අනු­රා­ධ­පුර මුල් යුගයේ සිටම මෙහි ජනා­වාස ව්‍යාප්තව පැවති බවය. රෙල­ගම, හර­ගම, චට­න­ගම හා පට­ගලේ යන ප්‍රදේශ නාම­යන්ද මෙම ලේඛ­න­වල සඳ­හන් වේ (නිකො­ලස්, 1979, 125).

මහා­චූ­ලි­ක­ම­හා­තිස්ස රජු (ක්‍රිපූ 77-73) අම්බ­ට්ඨ­කෝළ ජන­ප­දයේ සොණ්ණ­ගි­රි­යෙහි (ස්වර්ණ­ගිරි) සීනි කම්හ­ලක වැඩ­කළ බැව් සඳ­හන් වේ (මව, xxiv, 4). වර්ත­මාන රම්බො­ඩ­ගල්ල ප්‍රදේ­ශය සොණ්ණ­ගි­රිය ලෙසින් හඳු­නා­ගෙන ඇත (නිකො­ලස්, 1979, 126). මෙම ප්‍රදේ­ශයේ පැවති කර්මා­න්ත­යන් පිළි­බඳ අද­හ­සක් එයින් ඉදි­රි­ප­ත්වන බව පෙනේ. දැදුරු ඔය පෝෂක ප්‍රදේ­ශයේ ඉහළ කොටසේ පිහිටි රම්බො­ඩ­ගල්ල කුඹු­රු­ලෙන පිහිටි එක් සෙල් ලිපි­යක ගාමණි අභය මහ­ර­ජුගේ “සිවික-අදක” නම් නිල­ධා­රි­යෙකු පිළි­බඳ සඳ­හන්වේ (Ic, Vol.i, 894-6). මෙහි සඳ­හන් ගාමිණී අභය රජු යනු වට්ට­ගා­මණි අභය (ක්‍රිපූ 89-77)ලෙසත් නිල­ධා­රියා රජුගේ දෝලා අධ්‍යක්‍ෂ ලෙසත් හඳු­නා­ගෙන ඇත (එම).

ගිවි­සුම සෙල් ලිපි­ය

දැදුරු ඔයට සමීප නුව­ර­කන්දආශ්‍රි­තව පුරාණ ජනා­වාස පැවති බවට සාධක ඇත. ක්‍රිපූ 1 වන සිය­වසේ සිට ක්‍රිව 6 වන සිය­වස දක්වා කාල­යට අයත් ශිලා ලේඛන රාශි­යක් නුව­ර­කන්ද හා අවට ස්ථාන කිහි­ප­යක තිබේ (එම, 913-931). පුරාණ ස්ථාන නාම කිහි­ප­යක්ම මෙම ලේඛ­න­ව­ලින් හඳු­නා­ගත හැකි ය (එම, 925). තවත් ලිපි­යක “පිත­ම­හ­රජ” නමින් හැඳින්වූ වට්ඨ­ගා­මණි අභය රජුගේ කණ­තිශ නම් ඇම­ති­ව­ර­යෙකු පිළි­බඳ සඳ­හන් වේ (එම, 913-4). මේ ප්‍රදේ­ශයේ තිබෙන ශිලා ලේඛ­න­ව­ලින් පැරණි සමාජ තත්ත්වය පිළි­බඳ තොර­තුරු ලබා­ගත හැකි ය. ගම් පාල­නය කළ ගමි­ක­යින් (එම, 914, 916, 925), ප්‍රධා­නීන් වූ පරු­ම­ක­ව­රුන්(එම, 910, 912, 922, 924, 928, 931), භාණ්ඩා­ගා­රි­ක­ව­රුන් වූ බඩ­ක­රි­ක­යන් (එම, 916) වැනි නිල­ධා­රීන් පිළි­බ­ඳ­වත්, පෙහෙ­ක­රු­වන්, අස­රු­වන් (එම, 913), ආචා­රීන් (එම, 929) වැනි වෘත්ති­ක­යන් පිළි­බ­ඳ­වත් තොර­තුරු හෙළි වේ. මෙම ස්ථානයේ තිබෙන සෙල් ලිපි කිහි­ප­යක දම­ගුත, රොනි­ගුත හා තිස­ගුත නම් වූ භික්‍ෂූන් වහ­න්සේලා කිහි­ප­දෙ­නකු පිළි­බඳ සඳ­හන්ව ඇත (Ic, Vol.1, 915, 920, 926). ක්‍රි.ව. 1 වන සිය­ව­සෙන් පසු 10 වන සිය­වස දක්වා වූ කාල­යට අයත් සෙල් ලිපි ගණ­නා­වක් ද දැදුරු ඔය ආශ්‍රිත ස්ථාන­ව­ලින් හමු වේ. සංග­මුව විහා­රයේ තිබෙන 6 වන සිය­ව­සට අයත් ලිපි­යක ගෝණ­ගිරි හා මහ­ව­ල­ගම යන ග්‍රාම­යන් පිළි­බ­ඳව සඳ­හන් වේ (නිකො­ලස්, 1979, 119). දෙවන ගජ­බාහු හා පරා­ක්‍ර­ම­බාහු යන රජ­ව­රුන් අතර 12 වන සිය­වසේ දී ඇති කර­ගන්නා ලද ගිවි­සුම සෙල් ලිපි­යක් ලෙස මෙම විහා­රයේ ඇත (අම­ර­වංශ, 1969, 359-362). වැල්ලෑ­ගල ඇති පළ­මු­වන සිය­ව­සට අයත් ලිපි­යක එම ප්‍රදේ­ශය “කඳු පනහේ දිසාව”යනු­වෙන් හඳුන්වා ඇත (නිකො­ලස්, 1979,122).

ජනා­වාස ව්‍යාප්තිය

අනු­රා­ධ­පුර යුගයේ මධ්‍ය භාගය වන විට මෙම ප්‍රදේ­ශයේ ජන ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධ­න­යක් පෙන්නුම් කරයි. මේ වන විට රජ­රට දිසා අනුව කොටස් හත­ර­කට බෙදා තිබුණු අතර, දැදුරු ඔයෙන් සීමා­වුණු දක්ඛිණ දේශය හෙවත් දක්ඛිණ පස්ස එක් දිසා­වක් විය. 6 වන සිය­වසේ සිට එය යුව­ර­ජුගේ රාජ­ධා­නිය වී තිබිණි. මෙම තත්ත්වය 12 වන සිය­වස තෙක් පැව­තුණු අතර, එම සිය­වස අව­සා­නයේ දක්ඛිණ දේශය හා මලය දේශය එක­තු­කොට මායා රට්ඨ (මායා රට) ඇති කරන ලදි (එම, 19).

දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේ­ශය පොලො­න්නරු සමයේ වැද­ගත් දේශ­පා­ලන කේන්ද්‍ර­ස්ථා­න­යක් විය. පළ­මු­වන විජ­ය­බාහු රජු (ක්‍රිව 1055-1110) චෝල­යන් අතින් පරා­ජ­යට පත්ව විල්ලි­කා­බා­ර­ට්ඨ­යට පැන­ගොස් තිබේ (මව, lviii, 29). කොස්පොතු ඔය ආශ්‍රි­තව පිහිටි වෑඋඩ මේ පුරාණ ප්‍රදේ­ශය ලෙස හඳු­නා­ගෙන ඇත (නිකො­ලස්, 1979, 25). හෙතෙම මුහු­න්න­රුවේ සටන් කළ බව මහා­වං­සයේ සඳ­හන් වේ (මව, lviii, 42). වර්ත­මා­නයේ හෙට්ටි­පොළ ආස­න්නයේ නුව­ර­කැළේ තිබෙන පස්වෙනි කාශ්‍යප (ක්‍රිව 914-923) රජුගේ ලිපි­යක මෙම ස්ථානය පිළි­බ­ඳව සඳ­හන් වේ (නිකො­ලස්, 1979, 121). පඬු­ව­ස්නු­වර ආශ්‍රිත ප්‍රදේ­ශය කෙරෙහි මුලින්ම අව­ධා­නය යොමු­ක­රන ලද්දේ පළ­මු­වන විජ­ය­බාහු රජු විසිනි (මව, lxviii, 48). ජන­ප්‍ර­වාද හා විශ්වාස අනුව පඬු­ව­ස්නු­වර ආර­ම්භය පඬු­ව­ස්දෙව් හා පණ්ඩු­කා­භය රාජ සම­යට දිවෙයි. එහෙත් මේ බව සනාථ කිරී­මට ප්‍රමා­ණ­වත් ඓති­හා­සික මූලා­ශ්‍රය හෝ පුරා­වි­ද්‍යා­ත්මක සාධක නොලැබේ. කොළ­මු­ණු­ඉ­ඔය ආශ්‍රි­තව පිහිටි මේ ප්‍රදේ­ශය පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහු රජුගේ දක්ඛිණදේශය සංව­ර්ධ­නය කිරීම යටතේ දියුණු විය. දක්ඛිණ දේශයේ අග­නු­වර වූ පර­ක්ක­ම­පුර ගොඩ­න­ගන ලද්දේ මෙහිය (ASCAR, 1950, 19-20).

හිරි­පි­ටිය සමී­ප­යෙහි වූ වර්ත­මාන මල­ස්නෙය ප්‍රදේ­ශය පොලො­න්නරු සමයේ හඳුන්වා ඇත්තේ ශ්‍රීපු­රය යනු­වෙනි. නිශ්ශං­ක­මල්ල රජු එහි දාන ශාලා­වක් කරවා ඇත (නිකො­ලස්, 1979, 122). එම රජුගේ දොර­ටි­යාව සන්නස හමු වී ඇත්තේ කුරු­ණෑ­ග­ලට ආස­න්නයේ පිහිටි දොර­ටි­යාව නම් ගමිනි (vol XXIX: 307, 322).

බද­ල­ත්ථ­ලය නම් වූ ප්‍රදේ­ශය වර්ත­මා­නයේ බත­ල­ගොඩ ලෙස හඳු­න්වයි (නිකො­ලස්, 1979, 120). දැදුරු ඔය ආශ්‍රි­තව පිහිටි මෙම ප්‍රදේ­ශය අතී­ත­යේදී “පුරාණ නුවර”ලෙසින් ද භාවිත වී ඇත (බ්‍රෝහි­යර්, 1979, 120). කුමා­ර­දාස රජු (ක්‍රිව 513-522) මේ නුවර තාව­කා­ලික වාස­ස්ථා­න­යක් ලෙස, තෝරා­ගෙන තිබේ (එම: 6-7). පළ­මු­වෙනි විජ­ය­බාහු රජු විසින් මෙම ප්‍රදේ­ශයේ තිබුණ සොළී බල­කො­ටු­වක් යට­ත්කර ඇත (ල.වි.වි.ල.ඉ., 1972, 406). දක්ඛිණ දේශ සීමාවේ මුර­පො­ළක් ලෙස බද­ල­ත්ථ­ලිය පැවති අතර, සංඛ නම් සෙන්ප­තියා එහි වාසය කළේය (එම, 421). කල්‍යා­ණ­වතී රැජින (ක්‍රිව 1202-1208) බත­ල­ගොඩ අසල පණ්ණ­සා­දයේ සංඝා­රා­ම­යක් කරවා ඇත (මව, lxxx, 35). බත­ල­ගොඩ වැව ආස­න්නයේ ඇති මැයගේ සෙල් ලිපි­යක එම ප්‍රදේ­ශයමංග­ල­පුරලෙස හඳුන්වා තිබේ (නිකො­ලස්, 1979, 120).

දැදුරු ඔය පෝෂණ ප්‍රදේ­ශයේ පිහිටි හස්ථි­ශෛ­ල­පුර හෙවත් වර්ත­මාන කුරු­ණෑ­ගල ප්‍රදේ­ශය දඹ­දෙ­ණිය යුගයේ දේශ­පා­ල­නික වශ­යෙන් වැද­ගත් කේන්ද්‍ර­ස්ථා­න­යක් විය. දඹ­දෙ­ණියේ රජ කළ සිව්වන විජ­ය­බාහු රජු (ක්‍රිව 1270-1272) මේ පුරය වටා ප්‍රකා­ර­යක් හා දිය අග­ලක් කරවා ඇත (මව, lxxxviii, 53-60). රටේ අග­නු­වර බවට කුරු­ණෑ­ගල පත්වූයේ දෙවන බුව­නෙ­ක­බාහු (ක්‍රිව 1292-1932) රජුගේ කාල­යේ­දීය (lc.Xc,60). හත­ර­වන පරා­ක්‍ර­ම­බාහු (ක්‍රිව 1302-1326) තම රාජ­ධා­නිය බවට පත්ක­ර­ගන්නා ලද්දේ කුරු­ණෑ­ගල ය.

දක්ඛිණ දේශයේ පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහු රජු

පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහුරජුගේ දේශ­පා­ලන කාර්යයේ පළමු පිය­වර වූයේ සිය මල­ණු­වන් වූ කීර්ති ශ්‍රී මේඝ රජු­ගෙන් පසු ක්‍රිව 1140දී පමණ දක්ඛිණ දේශයේ පාල­කයා බවට පත් වීමය (ල.වි.වි.ල.ඉ., 1972, 420). හෙතෙම දැදුරු ඔය නිම්නයේ පිහිටි පඬු­ව­ස්නු­වර ආශ්‍රි­තව පරා­ක්ක­ම­පුර නමින් නග­ර­යක් ඉදි­කර එහි සිට දක්ඛිණ දේශයේ පාලන කට­යුතු මෙහෙ­යවූ බව පුරා­වි­ද්‍යා­ත්මක සාධ­ක­ව­ලින් පැහැ­දිළි වේ (ASCAR. 1950, 19-20). දිව­යිනේ අග­රජු වීමේ අභි­ප්‍රායේ මූලික පද­නම දක්ඛිණ දේශ­යේදී සකස්වූ බව කිව හැකි ය. රජු ප්‍රථ­ම­යෙන් ප්‍රදේ­ශයේ ආර්ථික සංව­ර්ධ­න­යක් ඇති­කි­රීම කෙරෙහි යොමු­විය (මව, lxviii, 7-15). මේ කාලය තුළ පරා­ක්‍ර­ම­බාහු රජුගේ ආර්ථික දර්ශ­නය ප්‍රධාන අංශ තුනක් යටතේ හඳු­නා­ගත හැකිය:

1. වාරි­ක­ර්මාන්ත සංව­ර්ධ­නය කිරීම මගින් කෘෂි කර්මා­න්තය දියුණු කිරීම
2. දේශීය හා විදේ­ශීය වෙළෙ­ඳාම
3. අය­බදු ලබා­ගැ­නීම

දක්ඛිණ දේශයේ කෘෂි­කා­ර්මික කට­යුතු දියුණු කිරී­මට අද­හස් කළ පරා­ක්‍ර­ම­බාහු රජු තම නිල­ධා­රීන්ට උප­දෙස් දී උනන්දු කරවා ඇත (එම, 7). විශේ­ෂ­යෙන්ම ප්‍රදේ­ශයේ පැවති වියළි දේශ­ගු­ණික තත්ත්වය කෙරෙහි අව­ධා­නය යොමු කළ රජු දක්ඛිණ දේශයේ ප්‍රධාන ජල මාර්ගය වූ ජජ්ජර නදිය (දැදුරු ඔය) ආශ්‍රි­තව වාරි මාර්ග තැනීම කෙරෙහි යොමු විය (එම, 16).

දැදුරු ඔය ස්ථාන තුන­කින් හරස් කර අමුණ බැඳ ගොවි­තැ­නට අවශ්‍ය ජලය සප­යා­දී­මට හෙතෙම පිය­වර ගෙන ඇත.

“අහ­සින් වැටෙන එකඳු දිය බිඳක් පවා මනු­ෂ්‍ය­ප්‍ර­යෝ­ජ­න­යට නොගෙන මුහු­දට ගලා නොයා­යු­තුය” යන ප්‍රකා­ශය පරා­ක්‍ර­ම­බාහු රජු විසින් කරන ලද්දේ දැදුරු ඔය ආශ්‍රි­තව වාරි කර්මාන්ත ආරම්භ කරන අව­ස්ථා­වේය (මව, lxviii, 11-2). මීට අම­ත­රව දක්ඛිණ දේශයේ දැදුරු ඔය ආශ්‍රිත සීමාව තුළ පිහිටි පුරාණ වැව් විශාල ප්‍රමා­ණ­යක් අළු­ත්වැ­ඩියා කිරී­ම­ටත්, අළු­තෙන් වැව් ඉදි­කි­රී­ම­ටත් යොමුවී තිබේ (එම, 43-52).

රජුගේ අව­ධා­නය දක්ඛිණ දේශයේ ගොවි­තැන් නොක­රන ලද වනා­න්තර හා මුඩු­බිම් කෙරෙහි ද යොමුවී තිබුණි. එවැනි ස්ථාන ප්‍රයෝ­ජ­න­යට නොගෙන නොතැ­බිය යුතුය යන්න පරා­ක්‍ර­ම­බාහු රජුගේ ප්‍රකා­ශ­යකි (එම, 57-8). මෙතෙක් ජනා­වා­ස­ව­ලින් බැහැ­රව වනා­න්තර හා වගුරු සහි­තව පැවති පඤ්ච­යෝ­ජ­න­රට්ඨ (කළු­තර දිස්ත්‍රි­ක්කයේ පස්යො­දුන් කෝර­ළය) ප්‍රදේ­ශයේ ජලය ගලා බැස­යෑ­මට සලස්වා විශාල භූමි ප්‍රමා­ණ­යක් අලු­තින් අස්වද්දා ධාන්‍යය විශාල වශ­යෙන් රැස් කර තිබේ (එම, 51-3).

ආර්ථි­කය ශක්ති­මත් කර­ලී­මෙ­හිලා දක්ඛිණ දේශා­ධි­පති පරා­ක්‍ර­ම­බාහු රජු විසින් අනු­ග­ම­නය කරන ලද තවත් සාර්ථක ක්‍රියා­දා­ම­යක් වූයේ දේශීය හා විදේ­ශීය වාණිජ කට­යුතු දියුණු කර­ගැ­නී­මයි. අන්ත­රාං­ධුර නම් නිල­ධා­රි­යකු පත් කළ හෙතෙම ඔහුට රටේ සම්පත් සහිත ස්ථාන භාර දී තිබිණි (lxix, 32-332-3). දේශිය වෙළෙඳ ද්‍රව්‍ය පිට­රට අලෙවි කිරීම සඳහා නැව් මගින් යවා ඇත (එම, 83-4). මුළු ලක්දිව අග­රජු වීමෙන් පසු­වද රජු අන්ත­ර්ජා­තික වෙළෙඳ කට­යුතු එසේම පවත්වා ගැනී­මෙන් පැහැ­දිලි වන්නේ එම­ගින් විශාල ආදා­ය­මක් ලැබුණු බවයි. විදේ­ශීය වෙළෙ­ඳාම සඳහා ප්‍රධාන රාජ්‍ය තොට­මුණු ලෙස උරු­වේල, කල්පි­ටිය හා කොළඹ යන වරා­යන් භාවිත කර තිබේ (ල.වි.වි.ල.ඉ., 1972, 424).

ක්‍රම­වත්ව සංවි­ධා­නය වුණු අය­බදු ලබා­ගැ­නීමේ ක්‍රම­යක් මේ කාලය තුළ සකස් කර තිබිණි. දේශීය භාණ්ඩ­ව­ලින් හා නිෂ්පා­ද­න­ව­ලින් අය­බදු රැස් කර­ගෙන තිබේ (මව, lxi, 29 හා 38). රජයේ ප්‍රධාන නිළ­ධා­රීන් දෙදෙ­නෙක් සිටි අතර ඉන් එක් නිල­ධ­ර­යකු රටේ වස්තුව භාරව හා අනෙක් නිල­ධ­රයා ආර­ක්‍ෂක සේනා භාරව කට­යුතු කර ඇත (එම, 29). දිව­යිනේ අග­රජු වීමේ ක්‍රියා­ව­ලි­යෙ­හිදී තමාට සිදු වන අභි­යෝ­ග­ව­ලට සාර්ථ­කව මුහුණ දීමට නම් ශක්ති­මත්.

හමු­දා­වක අව­ශ්‍ය­තාව පරා­ක්‍ර­ම­බාහු වට­හා­ගෙන තිබිණි. මෙනිසා සේනාංක සූදා­නම් කිරීම හා යුද ශක්තිය තර කර­ගැ­නීම රජුගේ මීළඟ අභි­ප්‍රාය විය. යුද්ධ­යට අදාළ සෑම ක්ෂේත්‍ර­ය­කින්ම පුහුණු වන පරිදි දක්ඛිණ දේශයේ වැසියා යොමු කර­න්නට ඇත. මෙවන් පසු­බි­මක් යටතේ ආරම්භ කළ සෑම ව්‍යාපා­ර­යක්ම සාර්ථක වූයෙන් ක්‍රිව 1154දී පළ­මු­වැනි පරා­ක්‍ර­ම­බාහු පොලො­න්න­රුව අග­න­ග­රය කර­ගෙන දිව­යිනේ අග­රජු බවට පත් විය (ල.වි.වි.ල.ඉ., 1972, 436).

වාරි මාර්ගික පසු­බිම

දැදුරු ඔය නිම්නය ජනා­වාස වීමත් සමග කෘෂි­කා­ර්මික කට­යුතු සාර්ථ­කව පව­ත්වා­ගෙන යෑමට විධි­මත් ජල සම්පා­දන ක්‍රම­යක් අවශ්‍ය විය. මේ අව­ශ්‍ය­තාව සපු­රා­ගැ­නීම සඳහා නිම්නය පුරා විශාල වශ­යෙන් වැව් අමුණු ඉදි කර තිබෙන බව හඳු­නා­ගත හැකිය. ලංකාවේ ශේෂව තිබෙන ලොකු කුඩා වැව් අතර වැඩි ව්‍යාප්ති­යක් දක්නට ලැබෙන්නේ මේ නිම්නයේ වීම සැල­කිය යුක්තකි (1:63360 වාරි­ය­පොළ සිති­යම, මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව). දැදුරු ඔය නිම්නයේ මධ්‍ය ප්‍රදේ­ශය නිර­න්තර වැසි සහිත ප්‍රදේ­ශ­යක් නොවූ හෙයින් අවශ්‍ය ජලය රැස් කර­ගැ­නීම පිණිස මේ වැව් ඉදි කර­න්නට ඇති බව සිතිය හැකි වේ.

දැදුරු ඔය පෝෂක ප්‍රදේ­ශයේ වැව් ආශ්‍රිත ජල සම්පා­දන ක්‍රම ක්‍රිස්තු පූර්ව සමයේ සිටම බිහිවූ බවට ඓති­හා­සික සාධක තිබේ. රිදී විහා­රයේ තිබෙන ක්‍රිපූ අව­සාන භාග­යට අයත් ලිපි­යක ‘පග­මක’ නම් වූ වැවක් පිළි­බඳ ව සඳ­හන් වේ (නිකො­ලස්, 1979, 125). ගල උඩ විහා­රයේ ඇති වසභ (ක්‍රිව 67-111) රජුගේ ලිපි­යක “අම­ර­ග­ලක” නම් වැවක් පිළි­බඳ සඳ­හන්ව ඇත (එම, 121). වාරි­ය­පොළ ආස­න්නයේ ගල්වල විහා­රයේ ක්‍රිස්තු වර්ෂ දෙවන සිය­ව­සට අයත් ලිපි­යක ‘බම­ර­හ­ගම හා මඩ­ගම’ නම් වැව් දෙකක් සම්බ­න්‍ධව දක්වා ඇත (එම). මේ වැව් ත්‍රිත්වය නිර්මා­ණය වී ඇත්තේ දැදුරු ඔයේ අතු ගංගා­වක් වන කොළ­මුණ ඔය ආශ්‍රි­තව ය.

මෙම ඔය පුරා­ණයේ කොළ­ඹින්න නදී ලෙස හඳුන්වා තිබේ (මව, xc, 9-11). පඬු­ව­ස්නු­වර ආස­න්නයේ තිබෙන පුරාණ ‘පඬා­වැව’ කරවා ඇත්තේ මේ ඔය හර­ස්වන පරිදි ය. පාණ්ඩ­වා­පිය, පාණ්ඩ වැව ආදි ලෙසින් හැඳි­න්වුණු මෙම වැව පළ­මු­වෙනි විජ­ය­බාහු (ක්‍රිව 1055-1110) රජු විසින් ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලදී (එම, lxviii, 49). දක්ඛිණ දේශ සංව­ර්ධන කාර්ය­යේදී පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහු ( ක්‍රිව 1153-1186)රජු විසින් මෙම වැව වඩාත් විශාල කරන ලද අතර අන­තු­රුව එය බෑණ සමුද්‍ර ලෙස ව්‍යව­හාර විය (එම, lxviii, 39-42).

දැදුරු ඔයේ ඉහළ පෝෂක ප්‍රදේ­ශයේ වෑඋඩ ආස­න්නයේ යටි­විල තිබෙන ක්‍රිස්තු වර්ෂ දෙවන සිය­ව­සට අයත් ලිපි­යක ‘චකොර’ නම් වූ වැවක් ද (නිකො­ලස්, 1979, 126), නැලව පිහිටි ලිපි­යක ‘චිහ­ර­ව­ලිය’ නම් වැවක් පිළි­බඳ ව ද සඳ­හන් වී ඇත (එම, 119). වාරි­ය­පොළ නග­ර­යට සමී­පව පිහිටි කදි­රා­ගල විහා­රයේ තිබෙන අපර බ්‍රාහ්මී ලිපි­යක මඩර වවි නමින් වූ වැවක් පිළි­බඳ සඳ­හන්ව ඇත (Senanayake, 1990, 85).

දැදුරු ඔය හා ඒ ආශ්‍රිත ජල මාර්ග පාදක කර­ගෙන සංවි­ධා­නා­ත්මක වාරි කර්මාන්ත ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ මහ­සෙන් (ක්‍රිව 276-303) රජු විසිනි. කුම්භීල නදී හෙවත් කිඹු­ල්වානා ඔය හරස් කර කර­වන ලද කුම්භී­ල­වාපි හෙවත් කිඹු­ල්වානා වැව මේ රජුගේ වැද­ගත් වාරි නිර්මා­ණ­යකි. (මව, xxxvii, 48). පස්වන කාශ්‍යප (බ්‍රෝහි­යර්, 1934, Part iii, 5-6), පළ­මු­වන විජ­ය­බාහු (මව, lx, 50) හා පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහු (එම. lxxix, 34) යන රජ­ව­රුන් විසින් මේ වැව යළි ප්‍රති­සං­ස්ක­ර­ණය කර ඇත. දැදුරු ඔය ආස­න්නයේ නික­වැ­ර­ටිය ප්‍රදේ­ශයේ තිබෙන මාගල්ල වැවද මහ­සෙන් රජුගේ නිර්මා­ණ­යකි. මෙය මහා­ග­ල්ල­ක­වාපි ලෙස හඳුන්වා තිබේ (එම, xxxvii, 48). දැදුරු ඔයට ඊසාන දෙසින් පිහිටි හුළු­ගල්ල වැව මහ­සෙන් රජු විසින් කර­වන ලද සුළු­ගුලු වැව ලෙස හඳු­නා­ගෙන ඇත (නිකො­ලස්, 1979, 113). වංස­ක­තාවේ ‘සීරු වැව’ ලෙස සඳ­හන් වන්නේ මෙම වැව විය හැකිය (මව, xxxvii, 49).

ධාතු­සේන (ක්‍රිව 455-473) රජු දැදුරු ඔයේ පෝෂණ ශාඛා­වක් වූ සංඛ­ව­ඞ්ඩ­මා­නක නදී හෙවත් හක්ව­ටුනා ඔය ආශ්‍රිත ව මාඑ­ළිය වැව කරවා තිබේ (නිකො­ලස්, 1979:118). පළ­මු­වන විජ­ය­බාහු රජු මෙම වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව මහා­වං­සයේ දැක්වේ (මව, lx:, 48-53). ධාතු­සේන රජු විසින්ම දැදුරු ඔයට නැගෙ­න­හිර දෙසින් වූ මැද්ද­කැ­ටිය වැව ලෙස හැඳි­න්වෙන පුරාණ සංගමු වැව කරවා ඇත (නිකො­ලස් 1979, 119). පළ­මු­වන අග්ග­බෝධි (ක්‍රිව 571-604) රජු හිරි­ඩ්ඩ­මාන වැව තැන­වීය (මව, xlii, 8). මෙය දැදුරු ඔයට ආස­න්නයේ වැල්ලව පිහිටි හිරි­ව­ඩුන්න වැව ලෙස හඳු­නා­ගත හැකිය.

පළ­මු­වන පරා­ක්‍ර­ම­බාහු රජු දක්ඛිණ දේශයේ පාල­කයා ලෙස කට­යුතු කරන සමයේ මෙන්ම මහ රජු ලෙස කට­යුතු කරන කාල­යේද ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද වැව් රාශි­යක් දැදුරු ඔය නිම්නයේ තිබෙන බව හඳු­නා­ගෙන තිබේ (නිකො­ලස්, 1959, 77-80). පරා­ක්‍ර­ම­බාහු රජු දක්ඛිණ දේශ පාල­ක­යාව සිටි අව­ධියේ දැදුරු ඔය නිම්නයේ වාරි නිර්මාණ ඉදි­කි­රීම හා ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම වඩාත් වර්ධ­නීය ස්වරූ­ප­යක් පෙන්නුම් කරයි.

බත­ල­ගොඩ වැව පැරණි නිර්මා­ණ­යක් ලෙස හඳු­නා­ගෙන ඇත. කුමා­ර­දාස (ක්‍රිව 513-522) රජු හා කල්‍යා­ණ­වතී (ක්‍රිව 1202-1208) රැජින විසින් මෙම වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව ව්‍යව­හාර වේ. වැව් බැම්මේ තිබෙන පුවරු ලිපි­යෙන් කල්‍යා­ණ­වතී රැජින මෙම ප්‍රදේ­ශයේ කළ සංව­ර්ධන කාර්ය­යන් පිළි­බඳ තොර­තුරු ලබා­ගත හැකිය (Ez, Vol. iv, 80-2.).

දැදුරු ඔය නිම්නය පුරා­ණයේ සිටම කුඩා වැව් මූලික වූ සුළු වාරි නිර්මාණ මත පද­නම්ව ගොඩ­නැ­ගුණු වාරි පද්ධ­ති­ය­කින් සම­න්විත විය. නිම්නය ආව­ර­ණය වන පරිදි ඉදි වී ඇති විශාල වාරි නිර්මාණ පව­තින්නේ සුළු ප්‍රමා­ණ­යකි. අධ්‍ය­යන ප්‍රදේ­ශය තුළ කුඩා වැව් විශාල ප්‍රමා­ණ­යක් දක්නට ලැබෙන්නේ මේ නිම්නයේ වීම විශේ­ෂ­ත්ව­යකි. ඒ සඳහා හේතු වන්නට ඇත්තේ ප්‍රදේ­ශයේ භූ විෂ­ම­තාව බව සිතිය හැකි වේ.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »