0 Views  
අවන්හලක්‌ පටන් අරන් ගංජා නඩුවකට හිරේ ගිය රුසියානු යුවළ

බිස්‌නස්‌ එකට ගයිඩ්ගෙන් පොරේ... අන්තිමේදී සුද්දා ගියේ හිරේ...සිඩ්නි හා මාරි යොවුන් වියේ පසුවූ රුසියානු ජාතික යුවළකි. මෙකී යුවළ රුසියාවේ නිතිඥයන් ලෙස සේවය කළහ. මොවුන් දෙදෙනා පොත් පත් කියවීමට දැඩි කැමැත්තක්‌ දැක්‌වූහ. කොටින්ම කිවහොත් සිඩ්නි හා මාරි පොත් ගුල්ලන් දෙදෙනෙකි. රට රටවල ඉතිහාසය, දේශපාලනය, සාහිත්‍යයට සම්බන්ධ පොත්පත් කියවීමට මෙකී යුවළ තුළ පැවතියේ දැඩි ඇල්මකි. පොත් පත් කියවීම නිසාම ලෝකයේ විවිධ රටවල ඉතිහාසය හා දේශපාලන කරුණු කාරණා පිළිබඳ මෙම යුවළ හොඳින් දැන සිටියහ. පොත් පත්වලින් උකහාගත් දැනුමත් සමඟ සිඩ්නි හා මාරි ලෝකයේ විවිධ රටවල සංචාරය කළහ.අතීත ලංකාව ගැන සඳහන් කොට තිබූ සෝවියට්‌ දේශයේ පැරණි පොත්පත් කියවමින් මෙම යුවළ ලංකාව පිළිබඳව ද අවබෝධයක්‌ ලබා ගත්හ. අයිත්මාතෝව්, චින්ගීස්‌ගේ "වේලාසන කොක්‌කු ඇවිත්" යන පොත සිඩ්නි හා මාරි දැඩි ආශාවෙන් කියවූහ. එකී පොතේ අපේ රටේ සුන්දරත්වය, අසිරිය හා දේශගුණය පිළිබඳ හරි අපූරුවට විස්‌තර කොට ඇත්තේය. ඒ විතරක්‌ නොව පොත් පත් කියවීමට රුසියන් වූ මෙම යුවළ අයිත්මාතෝව්, චින්ගීස්‌ගේ ගුරු ගීතය, ජම්ලා සමුගනිමි, ගුල්සාරි, සුදු නැව යන කෘති ද දැඩි ආශාවෙන් කියවූහ."වේලාසන කොක්‌කු ඇවිත්," යන නමින් ඩබ්ලිව්. ඒ. අබේසිංහයන් සිංහලයට නැඟූ 'ද අර්ලි ක්‌රේන්ස්‌' නවකතාව ආරම්භ වන්නේ ගුරුවරියක්‌ ශ්‍රී ලංකාව පිළිබඳව කරන පාඩමකිනි.'ශ්‍රී ලංකාවල ඉන්දීය වෙරළාසන්නයෙහි පිහිටා ඇති ඒ පරම රමණීය සුන්දර දිවයින, ඉන්කමාල්අපායි සිය පන්තියේ ළමයින්ට උගන්වමින් සිටියේ, ශ්‍රී ලංකාව ගැන ය."ශ්‍රී ලංකාවේ නොයෙක්‌ අපූරු දේ ඇත. වඳුරන්, අලි-ඇත්තු, කෙසෙල්, මුළු ලොවෙහි ම ඇති හොඳම තේ එතනින් ගියාම නොයෙක්‌ පලතුරු, ගස්‌වැල් එහි ඇති දේ නිමක්‌ නැත්තේ ය. එහෙත් වැදගත් ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක්‌ වීමයි.කොතරම් උණුසුම් ද කිවහොත් මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතුව ජීවත් විය හැක. හිම සපත්තු, හිම වැසුම් උණුසුම් පාවහන්, හිම කබා මේ කිසිවක්‌ අවශ්‍ය නැත. උණුසුම ලබනු සඳහා දර ද අවශ්‍ය වන්නේ නැත. මොන තරම් අපූරු ප්‍රීතිමත් ජීවිතයක්‌ ද? ඕනෑම තැනක කැමති විදියට ඇවිදින්න, සක්‌මන් කරන්න, හිරු රැසින් නැහැවෙන්න, උණුසුම වැඩි නම් හෙවණකට ගොස්‌ දාහය නිවන්න, ශ්‍රී ලංකාවේ දවාලත් රැයත් එක සේ උණුසුම් ය.අපේ රට ගැන සඳහන් වී ඇති අර්ලි ක්‌රේන්ස්‌, නවකතාව (වේලාසන කොක්‌කු ඇවිත්) කියවීමෙන් සිඩ්නි හා මාරි යුවළට මේ පුංචි දිවයිනේ සංචාරය කිරීමට ඇතිවූයේ දැඩි ආශාවකි. කටුක දේශගුණයෙන් මදක්‌ මිදී ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට මෙකී යුවළ අදිටන් කරගත්හ.ඒ අනුව සංචාරක සමයේදී මෙරට සංචාරයක්‌ කිරීම සඳහා සිඩ්නි හා මාරි යුවළ මෙරටට පැමිණියහ. අපේ රටේ සුන්දරත්වය, සෞම්‍ය දේශගුණය, දේශගුණික පිහිටීම, වෙරළ තීරයේ සුන්දරත්ය.. ස්‌වභාවික සෞන්දර්ත්වය මොවුන් දෙදෙනාට අත්විඳින්නට හැකි වූහ. මේ සුන්දරත්වයට මෙකි යුවළ වශී වී සිටියහ.අපි ලංකාවේ දී දරුවකු හදමු සිඩිනි මාරිට යෝජනා කළේය. ඔව් රුසියාවේ වගේ නෙවෙයි ලංකාවේ තියෙන්නේ සෞම්‍ය දේශගුණයක්‌ එහෙනම් ලංකාවේ දී අපි දරුවෙක්‌ හදමු මාරි ද සිඩ්නිගේ යෝජනාව අනුමත කළාය. මොවුන් ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කොට ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස්‌ කරගනු ලැබීය. මෙම යුවළගේ අරමුණ වී තිබුණේ මෙරටදී ගැබ්ගැනීම කොට පළමු දරුවා ප්‍රසූත කර ගැනීමටය. එය වෙනස්‌ දෙයක්‌ බවට මේ දෙදෙනා කල්පනා කළහ. ඒ අනුව මොවුන්රැසියාව බලා පිටත්ව ගියේ යළි මෙරටට ඒමේ බලාපොරොත්තුවෙනි. ඊළඟ වතාවේ මෙම යුවළගේ මෙරටට පැමිණීමේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ මෙරට දී සිය පළමු දරුවා බිහිකර ගැනීමටය. ඒ අනුව ඊළඟ වර්ෂයේ සංචාරක සමයේදී සිඩ්නි හා මාරි මෙරටට පැමිණියේ තම අරමුණ සපත කර ගැනීම සඳහාය.මෙරටදී මෙම යුවළට සංචාරක මඟපෙන්වන්නකු හමුවිය. ඒ හික්‌කඩුව සංචාරක කලාපයේ දීය. ඔවුත් සමඟ මෙම යුවළ නුවරඑළිය, මහනුවර, අනුරාධපුරය, යාපනය, විල්පත්තු යාල ආදී මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කළහ. මෙරටදී දරුවකු හැදිය යුතු වුවද මෙම යුවළට ඒ ගැන නිශ්චිත සැලැස්‌මක්‌ තිබුණේ නැත. තමන්ගේ අදහස මෙකී යුවළ සංචාරක මඟපෙන්වන්නාටද කීහ.මෙම යුවළට මෙරට දිගු කාලයක්‌ ගත කිරීම සඳහා වීසාද ලැබී තිබුණි. හරි මම ඔය දෙන්නට පදිංචිවෙලා ඉන්න හොඳ තැනක්‌ හොයලා දෙන්නම්. දිගු කාලයක්‌ මෙරට ඉන්න නිසා නිකන් ඉන්නවාට වඩා හොඳයි අපි මෙරට ආයෝජනයක්‌ කරමු සංචාරක මඟ පෙන්වන්නා කීවේය.මාරිට රුසියානු කෑම හොඳට හැදීමේ දක්‌ෂතාවයක්‌ ද තිබුණාය. ඇය රුසියාවේදී මෙකී කෑම වර්ග සැදීම පිළිබඳ පාඨමාලා ගණනාවක්‌ හදරා තිබුණි. අපි දන්නේ නැහැ මේ රටේ ආයෝජනය කරන්න පුළුවන් මොනවාද කියලා. ඒ සඳහා අවශ්‍ය නීති රීති ගැන අපට අවබෝධයක්‌ නැහැ. සිඩ්නි හා මාරි කීහ. නැහැ කිසිදෙයකට බයවෙන්න එපා සියල්ල මම බලාගන්නම්. සල්ලි යොදවන එක විතරයි තියෙන්නේ සංචාරක මඟ පෙන්වන්නා කීවේය. අපි මොනවාද කරන්නේ සිඩ්නි ඇසුවේය. මාරිට හොඳට රුසියානු කෑම වර්ග හදන්නත් පුළුවන්නේ ඒ නිසා අපි රුසියානු කෑම වර්ග තියෙන අවන්හලක්‌ දාමු. මාරිට උයන්න පුළුවන්නේ සංචාරක මඟ පෙන්වන්නා කීවේය. ඔහුගේ යෝජනාවට මෙම යුවළ ද එක පයින් කැමති වූහ.ඒ විතරක්‌ නෙවෙයි දැන් හික්‌කඩුවට වැඩිපුර එන්නේ රුසියානු සංචාරකයන්. අපි ඒ අය ඉලක්‌ක කරගෙන මේ වැඩේ පටන්ගමු. කෑම වර්ග වල මේනු එක රුසියානු භාෂාවෙන් දාමු. රුසියානු සංචාරකයන් වෙනුවෙන් මෙහි විශේෂ ස්‌ථානයක්‌ වෙන් කරමු. ඔවුන් මෙරට කරන සංචාරයන් අපි සංවිධානය කරමු. මට පුළුවන් ගයිඩ් වැඩේ කරන්න. සංචාරක මඟ පෙන්වන්නා කීවේය. මොහුගේ මේ කතාවලට සිඩ්නි හා මාරි යුවළ දැඩි සතුටට පත්වූහ.ඒ අනුව හික්‌කඩුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක්‌ මෙකී අවන්හල පවත්වාගෙන යැම සඳහා සොයා දුන්නේද සංචාරක මඟ පෙන්වන්නා විසිනි. එම ගොඩනැඟිල්ල පිහිටා තිබුණේ සංචාරක මඟ පෙන්වන්නාගේ නිවසට අල්ලපු ඉඩමේය. මේ සඳහා යැමට හරි හැටි මාර්ගයක්‌ තිබුණේ නැත. අවන්හලට යායුතු වූයේ සංචාරක මඟ පෙන්වන්නාගේ ඉඩම මැදිනි.කිසි ප්‍රශ්නයක්‌ නැහැ මමත් කැමතියි නුඹලාට උදව් කරන්න. මේ ඉඩමෙන් නුඹලාට ඕන කාලයක්‌ යන්න පුළුවන් ඒ ගැන ප්‍රශ්නයක්‌ නැහැ. සංචාරක මඟ පෙන්වන්නා කීවේය. ලංකාවේ නීතිය අනුව මෙකී ගොඩනැඟිල්ල මෙකී යුවළගේ නමින් මිලදීගත නොහැකිය. ඒ අනුව මෙකී ගොඩනැඟිල්ල මිලට ගනු ලැබුවේ 99 අවුරුදු බදු පදනම යටතේ සංචාරක මඟ පෙන්වන්නාගේ නමටය. පැරණි ගොඩනැඟිල්ලක්‌ වූ මෙය රුසියානු ආකෘතියකට අනුව අලුත්වැඩියා කටයුතු කරණු ලැබීය. ඒ වෙනුවෙන් ද විශාල වියදමක්‌ මෙම යුවළට දැරීමට සිදු වූහ. රුසියානු කෑම වට්‌ටෝරුවට අනුව කෑම සකස්‌ කෙරිණි. ආහාර සකස්‌ කරනු ලැබුවේ රුසියානු ජාතික කාන්තාවක්‌ වන මාරි විසිනි. සංග්‍රහ කටයුතු කරනු ලැබුවේ ද රුසියානු ජාතිකයන් විසිනි. මේ නිසා මෙම අවන්හල ඉතා කෙටි කලකින් රුසියානුවන් අතර ප්‍රසිද්ධියට පත්වූහ. රුසියානුවන් විශාල වශයෙන් මෙම අවන්හලට එක්‌රැස්‌ වන්නට වූහ. මින් සිඩ්නි හා මාරි හොඳ ආදායමක්‌ ද ලැබුවේය.මුදල් යහමින් ලැබීමත් සමඟ මෙම යුවළට මෙරටට පැමිණි ප්‍රධාන අරමුණ ද ඒ වනවිට අමතක වී ගොස්‌ තිබුණි. මේ අතර සංචාරක මගපෙන්වන්නා ද මෙම යුවළ සමඟ සිටියේ එතරම් ඇයි හොදැයියකින් නොවේ. මෙකී යුවළ ගේමක්‌ දීමට ඔහු සැලසුම් කළේය. මෙකී අවන්හලට පැමිණෙන රුසියානුවන් තමන් වෙත දිනාගැනීමට සංචාරක මඟ පෙන්වන්නා නොයෙක්‌ සැලසුම් සකස්‌ කරමින් සිටියහ. මම මේ අයට වඩා අඩුවට සංචාර සකස්‌ කරලා දෙන්නම්. රුසියානු යුවළ කපා දමා මෙම ව්‍යාපාරය තමන් වෙත නතුකර ගැනීමට සංචාරක මඟ පෙන්වන්නා උත්සාහ කළේය. මේ නිසා මෙම යුවළ හා සංචාරක මඟ පෙන්වන්නා අතර විරසකයක්‌ ඇති විය.මගේ ඉඩම මැදින් යන්න දෙන්න බැහැ. අද ඉදලා මෙතනින් කාටවත් යන්න බැහැ එසේ කියමින් සංචාරක මඟ පෙන්වන්නා තම ඉඩමෙන් අවන්හලට යැමට තිබූ මාර්ගය අවහිර කොට වැටක්‌ ගැසුවේය. මින් සිඩ්නි හා මාරි යුවළ දැඩි අපහසුතාවයට පත්වූහ. අවන්හලට ඒමට තවත් මාර්ගයක්‌ තිබුණ ද එය ඉතා පටු මාර්ගයක්‌ විය. එම මාර්ගයෙන් වාහන ගෙනඒමට හැකි වූයේ නැත. නොයෙකුත් බාධක මැද රුසියානු යුවළ විසින් මෙකී අවන්හල පවත්වාගෙන යනු ලැබිය.එහෙත් සංචාරක මඟ පෙන්වන්නා තම සැලැස්‌ම අත්හැර දැමුවේ නැත. රුසියානු යුවළ මෙකී ගොඩනැඟිල්ලේ විHdපාරය පවත්වාගෙන ගියද ඔවුන් නැවතී සිටියේ වෙනත් ස්‌ථානයකය. එක්‌ දිනක්‌ රාත්‍රියේ සංචාරක මඟ පෙන්වන්නා විසින් මෙම ගොඩනැඟිල්ලේ තිබූ මල් පෝචිචියක්‌ තුළට ගංජා පැකැට්‌ටුවක්‌ හා කුඩු පැකට්‌ කිහිපයක්‌ දමා ඒ බව පොලිසියට දැනුම් දුන්නේය. පසුව පොලිසිය පැමිණ මෙම අවන්හල පරීක්‌ෂා කළේය. සංචාරක මඟ පෙන්වන්නා විසින් මල් පොච්චියේ තිබූ ගංජා හා කුඩු පැකට්‌ පොලිසියට පෙන්වූහ.මින් රුසියානු යුවළ තවත් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. අපේ දෑත් පරීක්‌ෂා කරල බලන්න අපි මේ වගේ වරදක්‌ කරලා තියෙනවාද කියලා. පෙර වැරදි ගැන බලන්න. අපි ව්‍යපාරයක්‌ කරගෙන යන්නේ. අපේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලන්න රුසියානු යුවළ පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ කියන්නට වූහ. එහෙත් ඉන් කිසිදු ප්‍රතිඵලයක්‌ අත්වූයේ නැත. පොලිසිය විසින් රුසියානු යුවළට විරුද්ධව නඩු පැවරීය. මෙකී යුවළ තමන්නිවැරැදිකරුවන් බව අධිකරණය ඉදිරියේ කීහ. එහෙත් භාෂා ප්‍රශ්න හා නොයෙක්‌ ගැටලු ඇතිවිය. මෙකී යුවළට ලංකාව එපා විය. නඩු කීම පැත්තකට දමා වැරදිකරුවන් බව රුසියානු යුවළ අධිකරණය ඉදිරියේ පිළිගත්හ. පසුව සියල්ල අත්හැරදමා මෙම යුවළ යළි රුසියාව බලා පිටත්ව ගියහ.මෙය මීට වසර තුන හතරකට පමණ ඉහතදී වූ කතාන්දයකි. මේ කතාව අපට කීවේ නීතිඥ තුෂාර ද සිල්වාය. සංචාරක කේෂ්ත්‍රයට ද සම්බන්ධව සිටින තුෂාර ද සිල්වා මහතා ළඟ මෙවැනි කතාන්දර ගොන්නක්‌ ඇත්තේය. සැබැවින්ම සංචාරකයන්ගේ මෙවැනි අත්දැකීම් හරිම රසවත්ය.මිතුරන් කියලා ළංවන අය මිතුරන් නොවේ. සංචාරක මඟ පෙන්වන්නන් මිතුරු වන්නේම තවත් යටි අරමුණක්‌ තියාගෙන. ගේම දෙන්නම තමයි යාලුවන්නේ හොඳින් හෝ නරකින් ඒ දේ කරනවා. මේ යුවළ කවදාවත් මත් කුඩු පානය කරලා නැහැ. ඇඟිලි සලකුණු ගන්න කිවා. සංචාරක මඟ පෙන්වන්නා මේ නඩුවෙන් ද ප්‍රයෝජනයට ගත්තා. ඔහු අවන්හලට එන රුසියානුවන්ට කීවා මෙම යුවළට මත් කුඩු නඩුවක්‌ තියෙනවා කියලා. ඒ නිසා අවන්හලට එන රුසියානුවන් ද අඩුවුණා. අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු වුණේ වෙබ් සයිට්‌ නිසාවත් සංචාරක අමාත්‍යාංශයේ ප්‍රචාරණය නිසාවත් නෙවෙයි. මේක දියුණු වුණේ අපේ රට ගැන රටේ හැදියාව ගැන, සංස්‌කෘතිය ගැන සුන්දරත්වය ගැන කටින් කට ගිය ප්‍රචාරය නිසා. මේක අනික්‌ පැත්තට ගියහොත් අපේ රටේ සංචාරක කර්මාන්තයට දැඩි බලපැමක්‌ වෙන්න පුළුවන් නීතිඥ තුෂාර ද සිල්වා කීවේය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o